අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජෙමිනිඩ් උල්කා වර්ෂාව අද රෑ ඇදහැළෙයි

by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සෑම වසරකම දෙසැම්බර් මාසයේදී දැකිය හැකි වන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට උපරිම වශයෙන් ක්‍රියාත්මක වන අතර අද (13) රාත්‍රී එය පැහැදිළිව දැක ගත හැකි බව තාරකා විදයාඥයෝ පවසති. එ අනුව අද රාත්‍රී 11 සිට පසුදා අළුයම දක්වා මෙය දක්නට හැකි බව ඔවුන්ගේ අදහසයි. මේ පිළිබඳව තාරකා විද්‍යා අධ්‍යයන කවයේ සමීර සී රත්නායක මහතා පළ කළ සටහනක් අපි මෙසේ පළකරමු.

උල්කාපාතයක් ඇතිවන අයුරු

අභ්‍යවකාශයේ ඇති දුහුවිලි හෝ කුඩා පාෂාණ කැබැල්ලක් පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී වේගයෙන් පෘථිවියට ඇදී එන විට ගිනි ගනී. මෙවිට එය උල්කාපාතයක් ලෙස හඳුන්වනු ලැබේ. මෙසේ ගිනි ගැනීමට හේතුව එම පාෂාණ හෝ දූවිලි අංශුව පෘථිවි වායුගෝලය හා වේගයෙන් ගැටීම නිසා ඝර්ෂණය හේතුකොටගෙන අධික උෂ්ණත්වයකට පත්වීමයි. මෙම වස්තුන් සෙල්සියස් අංශක 3000 ක පමණ උෂ්ණත්වයකට පත්වන බැවින් පෘථිවි පෘෂ්ඨයට වැටීමට පෙරම ඉහළ වායුගෝලය තුළදී දැවී අළු වී යයි. මෙය අපට නම් ඉතා චමත්කාරජනක දර්ශනයකි.

උල්කාපාත විවිධ වර්ණයෙන් දිස් වන්නේ ඇයි?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙසේ දැවී යන පාෂාණ කැබලි විවිධ වර්ණයන්ගෙන් යුක්ත වන බව ඔබ අහස නිරීක්‍ෂණය කරන්නෙක් නම් හොඳින් දන්නවා ඇත. උල්කාපාත නිරීක්‍ෂණයට ආධුනික වූ ඔබට උල්කාපාත වර්ෂාවන් නිරීක්‍ෂණ කිරීමෙන් විවිධ වර්ණයෙන් යුත් උල්කාපාත දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එයට හේතුව මෙම පාෂාණ කැබලි තුළ අන්තර්ගත වී ඇති විවිධ මුලද්‍රව්‍ය ය. උදාහරණයක් ලෙස ලිතියම් මූලද්‍රව්‍ය අන්තර්ගත උල්කාපාතයක් ඉහළ අහසේ දැවී අළු වී යන විට රතු වර්ණයෙන් දිස් වේ. ගිනි කෙළි සංදර්ශන සඳහාද මූලිකව යොදා ගන්නේ මෙම න්‍යායයි. එනම් මල් වෙඩිල්ලක් විවිධ වර්ණයෙන් දිස්වීම සඳහා මල් වෙඩිල්ල තුළට විවිධ මූලද්‍රව්‍ය අන්තර්ගත කොට ඇත.

ගල් කැබලි අභ්‍යවකාශයේ දී සූර්යයා වටා හෝ පෘථිවිය වටා හෝ ගමන් ගනිමින් තිබෙන විට එය ග්‍රාහක (Asteroid) ලෙසින් හැඳින්වේ. මෙවැනි ග්‍රාහක කැබැල්ලක් කුඩා වැලිකැටයේ ප්‍රමාණයේ සිට මීටර් කිහිපයක විශාලත්වයෙන් යුතු ගල් කැබල්ලක් දක්වා විශාල වනු ඇත. එය පෘථිවි ගුරුත්වයට හසුවී පෘථිවියට ඇදී එමින් පවතින විට ඉහළ වායුගෝලයේ දී දහනය වීම ආරම්භ වන විට උල්කාපාත (meteor) ලෙසින් හැඳින් වේ. යම් හෙයකින් පෘථිවි වායුගෝලය තුළදී දැවී විනාශ වීමට නොහැකි වී පෘථිවිය මතට පතිත වූ විට එය අප උල්කාශ්මය (meteorite) ලෙසින් හඳුන්වයි.

උල්කාපාත වර්ෂාවක් ඇතිවන අයුරු

වල්ගා තරුවක් සූර්යයා වටා ගමන් කිරීමේදී වල්ගාතරුවේ වලිගයේ අඩංගු දුවිලි අංශූන් වල්ගාතාරුව ගමන් ගත් මාර්ගයේ තැන්පත්ව පවතී. එම දූවිලි සහිත වල්ගාතරුවක ගමන් මාර්ගය, පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමේදී ජේදනය වන විට එම දූවිලි අංශූන් පෘථිවියට ඇදී ඒමේදී වායුගෝලය හා ගැටීම නිසා උණුසුම්ව දහනය වීම උල්කාපාත වර්ෂාවක් ලෙස අපට දිස්වේ. මේ වනවිට සක්‍රීයව පවතින ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ඇති වන්නේ සුර්යයා වටා දින 523.6ක වතාවක් පරිභ්‍රමණය වන 3200 Phaethon නම් පාෂාණමය ග්‍රාහකය නිසාය. මෙම ග්‍රාහකය කිලෝමීටර 5.6ක විශාලත්වයකින් යුක්තය.

උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන අයුරු

මෙම නිරීක්ෂණය සදහා කිසිදු දුරේක්ෂයක් හෝ දෙනතියක් භාවිතා කිරීමට අවශ්‍ය නොවේ.

දැන් ඔබ විසින් කළ යුතු වන්නේ උල්කාපාත වර්ෂාව පවතින රාශිය හා ඒ අවට ඇති අනෙක් රාශීන් හඳුනා ගැනීමයි. මේ සඳහා ඔබ තාරකා සිතියමක් භාවිත කළ යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස 06ක් තුළ ඕමන්තේ දී ඝාතනය වූ 03වන වන අලියාගේ සිරුර හමුවේ…

Next Post

තිහාරියේ කොටසක් හුදකලා කෙරේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.