කීර්ති ප්‍රනාන්දු –
එළඹෙන ජූලි මස 08 දා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ස්ථිර ලෙසම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන බවත්, ඉන්පසුව කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දීම ස්ථිර බවත් පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙක් ලංකාසර කළ විමසීමක දී තහවුරු කර ප්‍රකාශ කළේය.
බැසල් වෙනුවෙන් අසුන දීමට මන්ත්‍රීවරු සිවු දෙනෙක්ම කැමැත්ත පල කර ඇති නමුත් ඒ සඳහා තෝරා ගන්නා මන්ත්‍රීවරයා කවරෙක් දැයි තවම නිශ්චිත නැති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.