ඉන්දීය රජය විසින් යල කන්නයේ වී වගාවට ලබා දෙන යුරියා පොහොර රට පුරා බෙදා හැරීමට ඉන්ධන ලීටර් 125,000ක් ඉල්ලා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගෙන් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ලිඛිත ඉල්ලීමක් කර ඇත.
යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000ක් බෙදා හැරිම සඳහා ලොරි රථ 2000ක් යෙදවීමට තීරණය කර ඇති බවත් මෙම පොහොර බෙදා හැරීම ජූලි 10 – 15 අතර කාලය තුළ සිදුකරන බවත් ඇමතිවරයා සඳහන් කරයි.
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවය මත ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති අතර මින් මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත්, මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාව සඳහාත් ලබා දීමට නියමිත බවත් ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාවට යුරියා හොණ්ඩරයක් රුපියල් 10,000ක මුදලකට ලබා දීමට කටයුතු යොදා ඇති බවත් ඇමතිවරයා කියයි.
මෙම පොහොර තොගය අප රටට ලැබුනු වහාම ඒවා කිලෝග්‍රෑම් 50 බෑග්වලට ඇසිරීම සඳහා අවශ්‍ය මළු මේ වනවිට ඇණවුම් කර තිබේ.