ජූනි මස සිට මත් පැන් නිශ්පාදනයන්හි මිල අඩු කිරීමට කිසිම තීරණයක් ගෙන නැති බවත් අලෙවිය අඩුවීම හේතුවෙන් මිල අඩු කරන ලෙස මත්පැන් නිශ්පාදකයින් විසින් ඉල්ලීමක් පමණක් කර ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ පිළිබඳව කළ යුත්තේ කුමක් දැයි පසුව දන්වන බවට රජය පාර්ශවයෙන් මත්පැන‍් නිශ්පාදකයින් වෙත දැන්වූවා විනා මත්පැන් මිල අඩු කිරීමේ කිසිම තින්දුවක් ගෙන නැති බව ප්‍රකාශ වී ඇත.
මත්පැන් මිල අඩු කරන්නේ නම් එය අඩු කළ යුත්තේ බදු ආදායමෙන් බවත් සීනි ඇටයේ ලූණු බිකේ සිට දෙතුන් ගුණයක් බදු වැඩි වී තිබෙද්දී මත්පැන් මිල අඩුකිරීම සම්බන්ධව වූ යෝජනාවේ සලකා බැලීමට හෝ කාරණාවක් නොමැති බවට රජය පාර්ශවයෙන්ම අදහස් මතු වී තිබේ.
එහෙත් මත්පැන් නිශ්පාදකයින්ගේ අදහස වී ඇත්තේ බරපතල මිල වැඩිවීමකට නොගොස් මත්පැන් මිල මේ මට්ටමට පවත්වාගෙන යන්නේ තමන් ගේ ලාභය අවම මට්ටමක් කරා ගෙන ඒමෙන් බවත්, මත්පැන් බදු මිල අඩුකර මත්පැන් නිශ්පාදන මිල අඩු කළහොත් අලෙවිය වැඩිවී රජයට විශාල බදු ආදායමක් ලැබෙනු ඇති බවත්ය.
කෙසේ වෙතත් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලිය අනුව ලබන මැයි මස වනවිට මත්පැන් බද්ද සියයට 20කින් නන්වා මිල සූත්‍රයක් සකස් කිරීමේ කොන්දේසි පනවා තිබෙද්දී සෞඛ්‍ය අංශයට බරපතල ගැටලු උපදවන මත්පැන් භාවිතයට සමාජය පොළඹවමින් මිල අඩුකිරීම සම්බන්ධව සිදුවන කථිකාව ගැන පවා පුදුම හිතෙන බව මේ පිළිබඳව කළ විමසීමක දි සෞඛ්‍ය ප්‍රධානියෙක් ලංකාසරට පැවසීය.