ගෝලීය ජෛව ඉන්ධන සන්ධානය දියත් කිරීම තිරසාරභාවය සහ පිරිසිඳු බලශක්තිය සඳහා වූ ඉන්දියාව ගෙන යන විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය.
ඉන්දීය අග්‍රමාත්‍යවරයා ගෙවුණු සති අන්තියේදී ඉන්දියාවේ පැවති ජී20 රජ්යනායක සමුළුවට සමඟාවිම ඉන්දියාවේ පිරිසිඳු බලශක්ති භාවිතය සම්බන්ධයෙන් විශේෂ දැණුම්වත් කිරීමකට පියවර ගෙන තිබිණි.
“ගෝලීය ජෛව ඉන්ධන සන්ධානය දියත් කිරීම තිරසාරභාවය සහ පිරිසිදු බලශක්තිය සඳහා වන අපගේ ගවේෂණයේ දියත් කිරීමේ සුවිශේෂී මොහොතක් සනිටුහන් කරයි. මෙම සන්ධානයට සම්බන්ධ වූ සාමාජික ජාතීන්ට මම ස්තූතිවන්ත වෙමි,” අගමැති මෝදි සෙනසුරාදා මේවන විට එක්ස් ලෙසින් හදුන්වන ට්විටර් හී සටහනක් තබමින් සඳහන් කර සිටියේය.
අගමැති මෝදි සෙනසුරාදා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ, ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් සහ ඉතාලියේ අගමැති ජෝර්ජියා මෙලෝනි ඉදිරියේ ගෝලීය ජෛව ඉන්ධන සන්ධානය දියත් කළේය. ගෝලීය ජෛව ඉන්ධන සන්ධානය ඉන්දියාවේ ජී 20 සභාපතිත්වය යටතේ ඇති ප්‍රමුඛතා වලින් එකකි.
බ්‍රසීලය, ඉන්දියාව සහ එක්සත් ජනපදය, ප්‍රමුඛතම ජෛව ඉන්ධන නිෂ්පාදකයින් සහ පාරිභෝගිකයින් ලෙස, අනෙකුත් උනන්දුවක් දක්වන රටවල් සමඟ ගෝලීය ජෛව ඉන්ධන සන්ධානය සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ එකට වැඩ කිරීමට නියමිතය.
ප්‍රවාහන ක්ෂේත්රය ඇතුළුව සහයෝගීතාවයට පහසුකම් සැලසීම සහ තිරසාර ජෛව ඉන්ධන භාවිතය තීව්ර කිරීම මෙම සන්ධානයේ අරමුණ වනු ඇත. එය වෙළඳපල ශක්තිමත් කිරීම, ගෝලීය ජෛව ඉන්ධන වෙළඳාමට පහසුකම් සැලසීම, සංයුක්ත ප්‍රතිපත්ති පාඩම්-බෙදාගැනීම් සංවර්ධනය කිරීම සහ ලොව පුරා ජාතික ජෛව ඉන්ධන වැඩසටහන් සඳහා තාක්ෂණික සහාය ලබා දීම කෙරෙහි අවධාරණය කරනු ඇත.