ජී.එස්.පී ප්ලස් සහනයේ ඉරණමට බලපාන යුරෝපා දූත පිරිස හෙට ශ්‍රි ලංකාවට

GSP

ශ්‍රි ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා යුරෝපයෙන් ලබා දී ඇති ජීඑස්පී ප්ලස් වෙළෙඳ සහනය අඛණ්ඩව ලබා සීම සම්බන්දටෙන් සලකා බැලීමට අදාළ සමාලෝචනය කිරීම සදහා පැමිණෙන යුරෝපා සංගම් විශේෂ දූත කණ්ඩායම හෙට මෙරටට පැමිනිමට නියමිතය. හෙට දින ලබන මස 05 වැනිදා දක්වා මෙරට රැඳී සිටින මෙම විශේෂ නියෝජිත පිරිස මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්‍ෂාව සහ යහපාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ක්‍රියා කරන ආකාරය පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිත බව යුරෝපා සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් සෑම වසර දෙකකට ම වරක් යුරෝපා සංගමය ජීඑස්පී ප්ලස් සහනය හිමි රටවල තොරතුරු හුවමාරු කර ගැනීම, සංවාද පැවැත්වීම සහ සංචාරයන් තුළින් අඛණ්ඩව අධීක්ෂණය කිරීම සිදුවන අතර මෙම නියෝජිත පිරිසද එම ක්‍රියාවලියට අනුව මෙරටට පැමිණීමට නියමිතය. පසුගිය ජූනි මාසයේදී යුරෝපා පාර්ලිමේන්තුවට මෙරට ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට මෙම සහනය තාවකාලිකව අත්හිටුවන ලෙස යෝජනාවක් පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකාව එරෙහිව ඉදිරිපත් වූ අතර එම යෝජනාවලියෙන් පසුව මෙරටට එන පළමු යුරෝපා සංගම් වෙළෙඳ නියෝජිත කණ්ඩායම මෙය වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකාවට දැනට ලබන ජී.එස්.පී ප්ලස් බදු දහනය 2023 වසරේදී අවනස් වීමට නියමිතය.


Exit mobile version