සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිනීවා මානව හිමිකම් යොජනාව ඡන්දයකින් තොරව සම්මත වෙන්න දුන්නේ ආණ්ඩුවේ බැරිකම නිසා ද?. විදේශ ඇමති විජිත පාර්ලිමේන්තුවේ දී උත්තර දෙයි!

by editor
ඔක්තෝබර් 9, 2025
in පුවත්
vijitha-herath-
Share on FacebookShare on Twitter

පසුගිය සඳුදා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ඡන්දයකින් තොරව සම්මත වූ බව පවසා රජයේ රාජ්‍ය තාන්ත්‍රික හුදකලා බව සම්බන්ධව විපක්ෂය නගන චෝදනාවලට   විදේශ අමාත්‍ය විජිත හේරත් අද (09) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පිළිතුරු දුන්නේය .

එහිදී ඇමතිවරයා පැහැදිලි කළේ රජයේ ප්‍රතිපත්තිය පැහැදිලිව ප්‍රකාශ කර තිබිය දී සහ එම කැපවීම මානව හිමිකම් කවුන්සිලය විසින් පිළිගෙන තිබිය දී කොමිසම ඉදිරියේ ගෙනෙන යෝජනාවකට ඡන්දයක් ඉල්ලා සිටීම ප්‍රශ්නය අනවශ්‍ය ලෙස සංකීර්ණ කරන බවය.

මෙය මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සම්මත වූ පළමු යෝජනාව නොවන බවත් 2009 සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා 11ක්  2009, 2012, 2013,  2014, 2015, 2017, 2019, 2021, 2022, 2024  සහ 2025 වසරවලදී සම්මත වී ඇති බවත් විජිත හේරත්  ඇමතිවරයා  පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ දේශීය යාන්ත්‍රණයක්  මගින් විසඳා ගත හැකිව තිබූ ප්‍රශ්නයක් ජත්‍යාන්තරයට බොරු කියමින් තමන් විසින්ම පත් කළ උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස කෙරෙන ජිනීවා ඉල්ලීම්   යළි යළිත් පැහැර හැරීම තුළ ඇති වූ අවිශ්වාසය මත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය ජාත්‍යාන්තරණීකරණය වූ බවය.

එමෙන්ම එම යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවල දී  ඒ ඒ කාලවල සිටි රජයන් විවිධ ප්‍රතිපත්ති අනුගමන කර ඇති බව කී විජිත හේරත් ඇමතිවරයා   2015, 2017 සහ 2019 වසරවල   එම යෝජනාවලට සහාය පලකරමින් යෝජනාවල හවුල් කරුවන් ද වී ඇති බව ද සිහි කළේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

තවත් අවස්ථාවල  එවකට පැවති   රජයන් යෝජනාවලිය සම්බන්ධව ඡන්ද විමසුම් සඳහා ගොස් ඇති බවත් 2012, 2014, 2021 සහ 2022  වසරවලදී එම ඡන්ද විමසීම් සඳහා ගිය බවත් කී විදේශ ඇමතිවරයා 2019 වසරේ දී තමන් විසින්ම ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමේ ඉතිහාසය ගැන ද සිහි කළේය. මෙවැනි අවස්ථාවල දී ඡන්ද විමසුම්වලට නොගොස් යෝජනාවලියේ ඇතැම් පරිච්ඡේදවලට පමණක් විරෝධය පල කර තිබෙන අවස්ථාද පවතින බව ඔහු පැවසුවේය.

මේ සියලුම යෝජනාවලින් ගම්‍යවන පොදු කරුණු වන්නේ    ජිනීවාවල සිදුවන මෙම ක්‍රියාදාමයට පාදකවන ජාතික ප්‍රශ්නය මින් පෙර පැවති කිසිම රජයක් විසින් නිසි ලෙස කළමනාකරණය නොකිරීම බව කී ඇමතිවරයා පැහැදිලි කළේ   අවුරුදු 16ක් තිස්සේ මානව හිමිකම් කවුන්සිලය තුළ මේ යෝජනාව සම්මත වන්නට හේතුව එය බවය.

දේශීය වශයෙන් සම්මත යාන්ත්‍රණ ක්‍රියාත්මක නොවීම සහ දිගින් දිගටම ලෝකය රවටමින් රට තුළ දේශපාලන බලය තහවුරු කරගැනීමට    ජිනීවා  ප්‍රශ්නය පාවිච්චි කිරීම අවසානයේ දී දැවැන්ත ජාත්‍යාන්තර ප්‍රශ්නයක් නිර්මාණය කර ඇති ආකාරය කී ඇමතිවයා මානව හිමිකම් කොමිසම ගර්හාවට ලක් කරමින් සිය ඇමතිවරුන් ලවා  රටට පැමිණි මානව හිමිකම් කොමසාරිස්වරියට  විවාහ යෝජනා ඉදිරිපත් කරවීමේ තැනට පසුගිය රජයන් කටයුතු කළ ආකාරය ගැන සිහි කළේය.

2024 ඔක්තොම්බර් මාසයේ දී නව රජය පිහිටුවීමෙන් අනතුරුව  පැවති මානව හිමිකම් සැසිය ද තමන් ඇමතූ බව පැවසූ විදේශ කටයුතු ඇමතිවරයා මානව හිමිකම් කඩවීම් සම්බන්ධව දේශීය යාන්ත්‍රණයක් මගින් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව කවුන්සිලයේ  සියලුම රටවල් දැනුම්වත් කළ බව කීවේය.

ජනීවා යෝජනාවලිය සම්මත විමට පෙර නිවුයොක් නුවර පැවැති මහා මණ්ඩල සැසි වාරය අතරතුර දී ද මානව හිමිකම් කොමසාරිස්වරයා  තමා සහ ජනාධිපතිවරයා මුණ ගැසී සාධනීය සාකච්ඡාවක් සිදුකළ බව කී ඇමතිවරයා  දේශීය නොවන මෙවැනි   යාන්ත්‍රණ පිළිනොගන්නා බව මාර්තු මාසයේදීත්, සැප්තැම්බර් මාසයේදීත්, විදේශ ඇමතිවරයා ලෙස තමන් සහ ජිනීවා නිත්‍ය නියෝජිතවරිය ඉතා පැහැදිලිව කවුන්සිලයට දන්වා ඇති බව පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රයත්නය වන්නේ දේශපාලනීකරණය නිසා ජාත්‍යාන්තරකරණය වූ ප්‍රශ්නය  අපේම රටේ ක්‍රියාවලි සහ ආයතන අතරින් බේරා ගැනීම බව ලෝකයට තහවුරු කර ප්‍රකාශ කළ බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

ඒ සඳහා රජයේ ඇති කැපවීම මානව හිමිකම් කවුන්සිලය පිළිගෙන ඇති බව ද ඇමතිවරයා පෙන්වා පැවසුවේය. සත්‍ය හා ප්‍රතිසංධාන කොමිෂන් පනත පාර්ලිමේන්තුවේ දි සම්මත කර එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම සකස් කරන බවත්, ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට රජය බලාපොරොත්තුවන බවත් කී ඇමතිවරයා එම ප්‍රගතිශීලී පියවර ගන්නේ ජිනීවා වෙත පෙන්වීම සඳහා නොවන බව ද පැහැදිලි කළේය.

එමෙන්ම මෙම පියවර ගන්නේ යුද්ධය නිමා කළ හමුදා නිලධාරීන්  දංගෙඩියට යැවීමට නොවන බවත් වෙනත් කිසිම ජන කොටසක් ඉලක්ක කරගෙන නොවන බවත්  හෙතෙම අවධාරණය කළේය.

ඇමතිවරයා මෙසේ ද කීවේය.

“පසුගිය සඳුදා ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් යෝජනාව ඡන්දයකින් තොරව සම්මත වුනා කියලා මා පසුගිය දිනවල මාධ්‍යවල පල වෙනවා දැක්කා. මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයක් ඉල්ලා සිටීම ඇත්තටම ගත්තොත්  ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවීමක්. පසුගිය රජයන් මහජන මුදල් සහ කාලය වැය කරමින් චන්ද පරාජය වනු දැන දැනම සිදුකළ මෙම මහජන විරෝධී සංදර්ශන අපගේ රජයේ ප්‍රතිපත්තිය නොවේ.

“ 06 වැනිදා ඉදිරිපත් වූ යෝජනාවලියේ මීට පෙර ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සලකා බලන විට ධනාත්මක ලක්ෂණ ගණනාවක් තිබුණා.  ශ්‍රී ලංකාවේ සිදුවී ඇති ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය, ආර්ථික අර්බුදය විසඳා ගැනිමට ගෙන ඇති පියවර, දූෂණය පිටු දැකීම සහ මානව හිමිකම් රැකගැනීම මෙන්ම  සංහිඳියාව සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩ පිළිවෙළ ප්‍රසංශාවට ලක් කරනවා.

අප පටන් ගෙන ඇති දේශීය වැඩ පිළිවෙළ මෙන්ම ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලයේ රටවල්වලට ඇති වෙමින් තිබෙන විශ්වාසනීයත්වය පදනම් කරගෙන  2021 දි ස්ථාපි කළ මෙම එකවුන්ටිබිලිටි ප්‍රොජෙක්ට් එක අවසන් කර අපේ ප්‍රශ්න අපටම විසඳා ගත හැකි ක්‍රමයක් නුදුරේදී ඇති කරගත හැකි බව  අප තරයේ විශ්වාස කරනවා.

6 වැනිදා සාකච්චාවේ දී යෝජනාව ඉදිරිපත් කළ රටවල් කණ්ඩායම වෙනුවෙන් අදහස් දැක්වූ එක්සත් රාජධානිය සිදුකළ ප්‍රකාශයෙන් ද රජය විසින් අත් කරගෙන ඇති දැවැන්ත ප්‍රගතිය සම්බන්ධව ප්‍රසංශාවට ලක් කිරිමෙන් මෙය පැහැදිලි වෙනවා.

තවද සැප්තැම්බර් 08 වැනිදා ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් පැවැත්වු සංවාදයේ දී රටවල් 43ක් පමණ අදහස් ප්‍රකාශ කළ අතර ඔවුන් සියල්ලක්ම පාහේ දේශීය ක්‍රියාවලිය තුළින් රජය ගෙන ඇති ක්‍රියාවලිය අගය කළා.

සියලුම ශ්‍රි ලාංකිකන් එකට ජීවත්වන සෞභාග්‍යමත් රටක් ගැන අපට සිහිනයක් තිබෙනවා. සියලුම පාර්ශවකරුවන් සහ ජාත්‍යාන්තර ප්‍රජාවද සමග සාධනීය ලෙස ගනුදෙනු කරමින් මෙම සිහිනය යථාර්ථයක් බවට පත් කරගැනීමේ ගමන යෑමට අපි කැප වී සිටිනවා.

Share69Tweet43
Previous Post

ලෝකයේ හොඳම මැතිවරණ කොමිෂන් සභාව ලෙස අපේ මැතිවරණ කොමිෂන් සභාව ඇගැයීමට ලක්වුන බව අගමැතිනිය පාර්ලිමේන්තුවට දන්වයි!   

Next Post

නිසාම් කාරියප්පර් ජනාධිපති නීතිඥයෙක් ද?.. වගකීම් රහිත මන්දබුද්ධිකයෙක් ද?… පාර්ලිමේන්තුව තුළ ඇසුණ කතාවක්…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.