එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 46 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් විසින් ගෙන එනු ලැබ ඇති මානව හිමිකම් පිළිබඳ යෝජනාවලිය සම්බන්ධයෙන් රටවල් අතර ඡන්ද විමසීම බොහෝ දුරට හෙට (සඳුදා ) පැවැත්විමට නියමිත බව ජිනීවා නුවර ආරංචි මාර්ග සඳහන් කරයි.
යම් හෙයකින් හෙට දිනයේ කටයුතුවල ප්‍රමාදයක් සිදුවුවහොත් එය ස්ථිරව අඟහරුවාදා පැවත්වෙනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
බ්‍රිතාන්‍යය,ජර්මනිය කැනඩාව, උතුරු මැසිඩෝනියාව, මෙන්ටෙනෙග්‍රෝ සහ මලාවි යන රටවල් විසින් මෙම යෝජනාව ගෙන එනු ලබන අතර ඊට ශ්‍රි ලංකාව මේ වනවිටත් විරෝධය පළ කර ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් තුළ මෙම යෝජනාවලිය සම්මත කර ගැනීම සඳහා මානව හිමිකම් සමුළුවේ සාමාජික රටවල් අතර ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.
මානව හිමිකම් සමුළුවේ සාමාජික රටවල් 47ක සිටින අතර එයින් රටවල් 24ක් ශ්‍රි ලංකාවට සහය පළ කොට යෝජනාවලියට විරුද්ධ වුවහොත් ශ්‍රි ලංකාවට එය පරාජය කළ හැකි වනු ඇත.
මේ වනවිට චීනය, රුසියාව පිලිපීනය පකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය ඇතුළු රටවල් 20ක් ශ්‍රි ලංකාවට සහය ලබා දෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිටත් ශ්‍රි ලංකාව රටවල් යෝජනාවලියට විරුද්ධව දිනා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.