ජැක්සන්ගේ දුව-බෑනා සමග චන්දිමාල්ගේ මවත් අත්අඩංගුවට

chandimal madavee malan

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ උපන්දින සාදයට සහභාගී වූ බවට ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ දියණිය වන රංගන, ගායන ශිල්පිනී මාධවී ඇන්තනි ඇයගේ සැමියා, චන්දිමාල්ගේ මව ඇතුළු 6 දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සිටී.

ඔවුන් අද දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


දැනට ලැබී ඇති තොරතුරු අනුව තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනු ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබුණි.

ඒ අනුව මේ වනවිට එම සාදය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගණන 21ක් දක්වා ඉහළගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචරණ සීමා, නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක වන අවධියක පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් එම උපන්දින සාදය පවත්වා තිබීම සම්බන්ධයෙන් මෙම විමමර්ශනය ක්‍රියාත්මක ය.

Exit mobile version