ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් බිලියන ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි තිළිණි ප්‍රියමාලීට සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද අවසර දුන්නේය.
තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,50,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එහෙත් එක් නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ බැවින් තිළිණි ප්‍රියමාලි ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කළේය.
ජානකී සිරිවර්ධනට එරෙහි චෝදනා තුනටම එක් නඩුවකට රුපියල් 50,000 බැගින් 1,50,000.00 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කළේය.