ඊයේ (9) ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු සහ පියතුමන්ලා දෙදෙනෙකු ඇතුළු තුවාල ලැබූ පුද්ගලයින් 219ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම තුවාල කරුවන් අතර පුද්ගලයින් 2 දෙදෙනෙකු ඊයේ දිනය තුළදීම මරණයට පත්ව ඇත.
ඉන් එක් පුද්ගලයෙකු ගාලුමුවදොර අරගල භූමියේ සිටි වයස්ගත පුද්ගලයෙකු බවත් අනෙක් පුද්ගලයා අරලියගහ මන්දිරයේ රාජකාරී කළ 24 හැවිරිදි පොලිස් නිලධාරීයෙකු බවත් ඔහු ඔහු පැවසීය.
මේ වන විට දැඩිසත්කාර ඒකකය තුළ පුද්ගලයින් පස්දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ඔහු වැඩිදුරත් කීවේය.