ජාතික මට්ටමේ බැඩ්මින්ටන් විනිසුරුවරයෙක් වන අලි ප්‍රහාරයකින් මරුට…

දිනසේන රතුගමගේ –

ජාතික මට්ටමේ බැඩ්මින්ටන් විනිසුරුවරයෙකු වවුනියාව කැබිතිගොල්ලෑව මාර්ගයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව ඊයේ ( 19 ) මියගොස් තිබේ.

ත්‍රිකුණාමළයේ පදිංචි සිවපාලසුන්දරම් මයුරන් නැමති 33 හැවිරිදි මෙම  විනිසුරුවරයා කොළඹ සිට දුම්රියෙන් වවුනියාවට පැමිණ රාත්‍රි කාලයේදී ඔහුගේ යතුරු පැදියෙන් ත්‍රිකුණාමලය බලා යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය අයගේ  මළ සිරුර කැබිතිගොල්ලෑව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර කැබිතිගොල්ලෑව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.


Exit mobile version