උසස් පෙළ අවම සාමාර්ථ ලබාගන්නා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදැරීමට අවස්ථාව සලසා දී ඇත.
ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මේ බව ප්‍රකාශ කළේය.
විශිෂ්ට ක්‍රීඩා කුසලතා සහිත තරුණ තරුණියන් ඇගයීමට ලක්කර උසස් අධ්‍යාපන අවස්ථා විවර කරදීමේ අභිලාෂයෙන් මෙම වැඩපිළිවෙළ දියත් කර ඇත.