බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික කොඩියේ ප්‍රශ්නය ගැන දයාසිරි කතා කරයි

by Lanka Sara Editor
නොවැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් ඉදිරිපත් කළේ විවිධ නිර්මාණකරුවන්ගෙන් ගෙන්වාගන්නා ලද සාම්පලවලින් එක් සිංහ කොඩියක් පමණක් වන අතර එය අවසන් නිර්මාණය නොවන බව ඇමති ඇමැති දයාසිරි ජයසේකර මහතා ලංකාසරට පැවසීය.

තම අමාත්‍යාංශය රටට අවශ්‍ය සිංහ කොඩි හා ජාතික කොඩි නිර්මාණය කිරීමට ගෙන ඇති වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇතැම් පාර්ශ්ව මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

මෙතෙක් මෙරටට අවශ්‍ය සිංහ කොඩි හා ජාතික කොඩි ගෙන්වන ලද්දේ චීනෙන් බව පවසන රෑ සිරි ජයසේකර මහතා එලෙස ගෙන්වන ලද ව්‍යාපාරිකයන් හා පට දේශපාලනඥයින් මෙම මඩ ව්‍යාපාරය දියත් කර තිබෙන බව පෙන්වාදුන්නේය.

සිංහ කොඩිය තමන්ට අවශ්‍ය ආකාරයට හෝ එය නිර්මාණය කරන අයට අවශ්‍ය පරිදි කළ නොහැකි බවත් ඒ සඳහා කිසියම් ක්‍රමවේදයක් පවතින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සිංහ කොඩිය නිර්මාණය කිරීමේ දී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ එය ලියාපදිංචි කර ඒ සඳහා උපදෙස් ලබාගත යුතු බවත් ඒ අනුව නිසි ක්‍රමවේදයකට අනුව කොඩිය නිර්මාණය කළ යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.

සිංහ කොඩිය නිර්මාණය කිරීමේ කටයුතු තවම ආරම්භ වී නැති බවත් ලබන පෙබරවාරි මාසේ ඉලක්ක කරගෙන එය සිදු කරන බවත් ජයසේකර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් විකෘති සිංහ කොඩියක් පෙන්වමින් ගෙට යන මඩ ප්‍රචාර හමුවේ නොසැලි ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව නියමිත වෙලාවට සිංහ කොඩිය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවත් ජයසේකර මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය සමාජ ජාල ඔස්සේ ඔස්සේ පහත සටහන යොදා තිබිණි.

ආයුබෝවන්!

නිදහස ලබා දශක ගණනක් ගියත්, ලංකාවේ නිදහස් දාට ඔසවන ජාතික කොඩිය පවා විදේශයන්ගෙන් ආනයනය කරන රටක් තමයි, වර්ෂ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අප බාරගත්තේ. අප සමරන නිදහස සංකේතාත්මක ව හෝ අර්ථවත් කරනු පිණිස, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මෙතෙක් චීනයෙන් ආනයනය කරණු ලැබූ සිංහ කොඩිය වෙනුවට “ස්වදේශීය බතික් කර්මාන්ත කරුවන් ගේ නිර්මාණයක් වූ” ජාතික කොඩියක් හා බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීමට අප විසින් පසුගිය දා පියවර ගනු ලැබුවා. එහිදී, නුදුරු අනාගතයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන, දේශීය නිර්මාණ කරුවන් විසින් අප වෙත ලබා දුන් ආකෘතීන් කිහිපයක් අතිගරු ජනාධිපති තුමන් වෙත සංකේතාත්මක ව ලබාදුන් අතර එය එතුමන්ගේ මහත් වූ පැසසුමට බඳුන් වුණා.

කෙසේ වෙතත්, මෙහිදී එළිදක්වනු ලැබුවේ ආකෘති කීපයක් මිස අවසාන නිමැවුම නොවෙයි. ඒවා තවමත් ඇත්තේ වැඩි දියුණු කෙරෙමින්. එහිදී අප වෙත ලැබෙන ප්‍රශංසා මෙන් ම විවේචනත් සැලකිල්ලට ගැනීමට අප උදක් ම අපේක්ෂා කරනවා. විශේෂයෙන් ම, සමාජ මාධ්‍යවල මේ පිළිබඳ කතාබහක් ඇති වී ඇති බව අප නිරීක්ෂණය කළා. ඒ සියලු විවේචන, සුහද හදින් යුතු ව අප බාරගන්නා බව මෙහිදී කිවයුතුයි.

ජාතික කොඩියේ සිංහයාගේ ලාංඡනයට සාධාරණයක් වීමට නම්, සිංහ කොඩියේ, සිංහයාගේ ඉදිරි බාහූන්ගෙන් සංඛේතවත් කරන “සම්පත් පරිහරණයේ ඇති නිර්වද්‍යතාවය” අනිවාර්යයෙන් ම තිබිය යුතුයි. එබැවින්, මෙරට මුදල් පිටරටට යෑම නැවැත්වීම උදෙසා, අපේ රටේ නිපදවිය හැකි සියලු දේ මෙරට තුළ ම නිෂ්පාදනය කිරීම සහ එමගින් මෙරට ස්වයංපෝෂිත කිරීම අපේ අරමුණයි. ඒ සඳහා බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමත්‍යාංශයත්, සළුසල ආයතනයත් උපරීම ලෙස සහයෝගය දක්වනවා. එහි තවත් එක ව්‍යාපෘතියක් ලෙසයි, දේශීය ඇඟලුම් හා දේශීය අමුද්‍රව්‍ය වලින් ම නිෂ්පාදිත ජාතික සහ බෞද්ධ කොඩි ජනධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබුවේ.
අපට ලැබෙන අදහස් උදහස් සහ අතිගරු ජනපතිතුමන්ගේ උපදෙස් මත එම ආකෘති වැඩි දියුණු කොට, ආර්ථිකමය නිදහසේ වසර ලෙස අප සලකන, ලබන වසරේ නිදහස් දිනය දා රටට ම හඳුන්වාදීමට අප අදහස් කරනවා. එමෙන් ම එම වසරේ වෙසක් පුන්පොහෝ දිනය නිමිති කරගෙන අපේ රටේ අපේ මිනිසුන්ගේ අතින් නිමැවෙන බෞද්ධ කොඩිය ද එලෙස ම හඳුන්වා දී, මෙරටේම නිෂ්පාදිත ජාතිත කොඩියක් සහ බෞද්ධ කොඩියක් රටට දායාද කිරීම අපේ පරම අභිලාෂය යි.
එපමණක් නොවෙයි. ඊයේ පෙරවරුවේ බිසෝපුර ගම්වැසියෝ, උදෑසන එළඹි සුබ මොහොතින් අත්යන්ත්‍ර භාවිත කරමින් කඨිනය ලෙස පිරිනැමීමට අවශ්‍යය සිවුර මැසීම ආරම්භ කළා. එතැන් පටන් පුරා සතියක් වියනු ලබන තනිපොට සිවුර හත් වෙනිදා, මහ පෙරහැරකින් සෝමාවතී පුද බිමට වැඩම කිරීමට නියමිතයි. එදින ම, එනම් නොවැම්බර් මස හත් වෙනිදා, රාජ්‍ය කඨිණ මහෝත්සවයේදී මෙම කඨීණ චීවරය සාංඝික කෙරෙනු ඇති. ඊට පසු දින, එනම් නොවැම්බර් අට වෙනිදා සංඝයා වහන්සේලා විසින් මසා නිමවන ලද කඨිණ චීවරය, ශාඛානුසාරයෙන් – දේශීය අමු ද්‍රව්‍ය යොදා පඬු පොවනු ලබනවා. ඊට සමගාමී ව, සෝමාවතී පුදබිමේදී, ස්වාමීන් වහන්සේලා පනස් නමකට සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමෙනවා. මේ මහානිසංස – මහත්ඵල පුණ්‍යකර්මය, මින්මතු සෑම වසරක ම, ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති සියලු විහාරස්ථාන ආශ්‍රිතව කපු වගා කරමින්, කපු නූල් කටිමින්, එම කපු නූලින් ම වියන ලද කපු රෙදි භාවිතා කර කඨිණ චීවරය මසා නිමවා, සාංඝික කර, ඉනික්බිති, දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් පඬු පොවීමටත්, එය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමටත් අපේක්ෂිතයි.

ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා අප යාමට තැත්කරන මේ ගමන දුෂ්කරයි, කටුකයි. නමුත් ඒ ගමනේ අවසාන ප්‍රතිඵලය අපේ නිවහල් බව සහ ආර්ථික නිදහසයි. ඒ ගමනේදී අප කරන විවිධ දේවල කුඩා අඩුපාඩු තියෙන්න පුළුවනි. ඒ සියලු වැරදි අඩුපාඩුවල වගකීම, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා පුද්ගලික ව බාරගන්නවා. නමුත් ඒ සමග ම, මේ මහා ක්‍රියාන්විතය පසුපස සිටින සිය දහස් ගණනක් වූ අපේ ම මිනිසුන්ගේ දහදිය මහන්සියට හිමි ගරුත්වය ඔවුන්ට දීමට අපි කාරුණික වෙමු.

එදිනෙදා කතාබහේදී, සමාජ මාධ්‍යවලදී, අපේ මිනිසුන්ගේ මහන්සියෙන් නිපැයෙන අපේ දෙයට ගැරහීමෙන් තොර ව, අපේ දේ ගැන සාඩම්බර වෙන්නැයි මා ඔබෙන් ඉතා නිහතමානී ව ඉල්ලා සිටිනවා.

යළිත් මතක් කරන්නම්, වරදක් අඩුපාඩුවක් වේ නම්, එහි වගකීම මගේ. නමුත් මේ මහා ක්‍රියාන්විතයේ ගෞරවය, ඒ පසුපස සිටි සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ. වැරැදි අඩුපාඩු නිවැරැදි කරගනිමින්, වැටි වැටී හෝ අපි ඉදිරියට ම යා යුතුයි. අපේ ජාතික කොඩියේ සංකේතය අර්ථවත් වන්නේ එවිටයි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වතුපිටිවල හා ගම්පහ නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 02ක්…

Next Post

ස්වයං නිරෝධායනයෙන් පැන ඇවිත් හැටන් පේමන්ට් එකේ එළවළු විකුණලා…

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.