ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමට අදාළ එම සමාගමේ සේවය කරන ඉංජිනේරුවා අද අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන දත්ත ගොනුවට පරිබාහිර ව තිබූ ඖෂධ පිළිබඳව තොරතුරු ඇතුළත් ඇතුළත් දත්ත ගොනුවක් ඔහු විසින් මකා දමා ඇති බවට මෙහිදී අනාවරණය වී ඇති බව වාර්තාවේ.
මුලදී ඔහු මෙය අත්වැරැද්දකින් සිදුවූ බව පැවසුවද එය ඔහු විසින් හිතා මතා කල බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්තවලට අනුරූපව ip address සාදා තම නිවසේ පෞද්ගලික පරිගණකයෙන් ද මෙහෙයවිය හැකි ආකාරයට රහසිගතව සාදාගෙන ඒ හරහා ඒ මැකීමට කටයුතු කළ බව අනාවරණය වී ඇත.
දිවුලපිටිය වල්පිට පිහිටි නිවසේදී 34 හැවිරිදි ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු පොදු දේපළ පනත යටතේ සහ පරිගණක අපරාධ පනත යටතේ වැරදි සිදු කර ඇති බවට මූලික විමර්ශනවල දී හෙළි වී තිබේ.