ශ්‍රියානි විජේසිංහ –
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිති බලාත්මක අංශය අක්‍රීය වීම හේතුවෙන් හදිසි වැටලීම් බිඳවැටී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අංශයේ ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් 20 දෙනෙකු සිටිය යුතු නමුත් වසර ගණනාවක සිට රාජකාරියේ නියැලී ඇත්තේ පරික්ෂකවරුන් දෙදෙනෙකු පමණක් බවත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු මීට මාස කිපයක්ට පෙර විශ්‍රාම ගොස් ඇති අතර අනෙකුත් පරික්ෂකවරයා තව දින කීපයකින් විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් මෙම අක්‍රීය විමට හේතුව වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේය.
මේ අනුව හදිසි වෙළඳපල වැටලීම් සිදුකිරීමට පුහුණු කාර්ය මණ්ඩලයක් නොමැති වීම බරපතල තත්ත්වයක් යැයිද පැවසේ.
නීති විරෝධී අන්දමින් මෙරටට ගෙනවිත් වෙළදපලේ අලෙවි වන ඖෂධ හා සෞඛ්‍යයට නුසුදුසු සුවඳවිලවුන් ,ආලේපනයන් ආදී වැටලීම් සිදුකරන ලද්දේ මෙම නිලධාරීන් විසින් යැයිද සඳහන්වේ.