රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබා දිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධව අවධානය යොමු කරමින් එම නිවේදනය නිකුත් කර ඇත. ,
ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද ඉදිරිපත් කළ වාර්තාව විෂය සම්බන්ධව තාර්කක හෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් මත පදනම් වී නැති බව රජයේ අදහස බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
රජය පවසන්නේ මෙවැනි වාර්තාවක මෙරට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික සේවා සපයන ආයතනවල ක්‍රියාකාරිත්වය, එම ආයතන මේ වනවිටත් නියාමනය වන ආකාරය, තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ මූල්‍ය දත්ත මෙන්ම ක්ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ජාතික අභාලාෂය, එය ඉටු කරගැනීම සඳහා තිබෙන ප්‍රාග්ධන හැකියාව මෙන්ම ලෝක ප්‍රවණතා පිළිබඳ විධිමත් හැදෑරීමක් සහ විශ්ලේෂණයක් තිබිය යුතු නමුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිප් කළ වාර්තාවේ ඒ කිසිවක් නොමැති බවය.
රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් මෙම වාර්තාවේ පෙන්වා දෙන ආකාරයේ බලපෑමක් ජාතික ආරක්ෂාවට එල්ල නොවන බව තහවුරුව ද රජය සතු යැයි ද රජය කියා තිබේ.
එබැවින් මෙම වාර්තාවේ නිර්දේශ මෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණය ගන්නා බව රජය දන්වා තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරණය නොකරන්නැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව නිර්දේශ කළ ද එම නිර්දේශය නොතකා සිය ප්‍රතිව්‍යුගතකරණය පිළිබඳ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.