ලලිත් චාමින්ද –
ජාතික අක්ෂි බැංකුව විසින් අක්ෂි පටල (කුනිත) සැපයීමේ දී දේශීය ඉල්ලුම සඳහා කරනු ලැබු සැපයීමට සාපේක්ෂව විදේශිය රටවල ඉල්ලුම සැපයීමට අක්ෂි බැංකුවේ වැඩි අවධානයක් යොමුකර තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉකුත් වසර තුන තුළදි (2020-2022) විදේශිය රටවලින් අක්ෂි පටල සඳහා කරනු ලැබු ඉල්ලුමෙන් සියයට 83 සිට සියයට 94 දක්වා වු පරාසයක ප්‍රමාණයක් සපයා තිබුණි.
2022 වර්ෂයේ දි රජයේ රෝහල් විසින් අක්ෂි පටල සඳහා කරනු ලැබු ඉල්ලුමෙන් සපයා තිබුණේ සියයට 59ක් වන අතර පුද්ගලික රෝහල් සඳහා කරණු ලැබු ඉල්ලුමෙන් සියයට 55ක් සපයා තිබුණි.
එහෙත් විදේශිය රටවල් විසින් අක්ෂි පටල සඳහා කරණු ලැබු ඉල්ලුමෙන් සියයට 94ක් සපයා තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
අක්ෂි පටල (කුනිත) සැපයිමේ දි දේශිය අවශ්‍යතාවය සපුරාලිමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාලව කරණු ලැබු විගණනයේ දි මෙම තොරතුරු අනාවරණය වි ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ කළමණාකාරිත්වය විසින් මේ පිළිබද විගණනයට සඳහන් කොට ඇත්තේ ජාතික අක්ෂි බැංකුව සීමිත සේවක සංඛ්‍යාවක් සමගින් කටයුතු කරනු ලබන බවත් ජාතික අක්ෂි බැංකුවේ වැඩි අවධානයක් යොමුවි ඇත්තේ දේශිය කුනිත අවශ්‍යතාවය සැපයිම සඳහා බවත්ය.