දිනසේන රතුගමගේ –
මාර්තු මස 8 වෙනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය දා උතුරේ ස්ථාන කීපයක විරෝධතා දැක්වීමට යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමය තීරණය කොට තිබේ.
එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (2) මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථාන සමාජ ශාලාවේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කරන ලද්දේ යුද සමයේදී තම දරුවන් හා ඥාතීන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කිසීම රජයකින් මෙතෙක් සාධාරණයක් ඉටු නොවීම නිසා ඊට එරෙහිව ජාත්‍යන්තර කාන්තා දිනයේදී වවුනියාව මන්නාරම මුලතිව් කිළිනොච්චි යාපනය යන දිස්ත්‍රික්කවල ස්ථාන ගණනාවක විරෝධතා පවත්වන බවය.
දැනට මෙම දිස්ත්‍රික්ක වල ස්ථාන කීපයක අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතා පවත්වා ගෙන යන අතර එම ස්ථාන වල සිට විරෝධතා මෙහෙහෙයවන බව ප්‍රකාශ කළ ඔවුන් තවදුරටත් කියා සිටියේ එදිනට ලඟම පිහිටි කෝවිල වෙත ගොස් දේව කන්නලව්වක් කොට පෙළපාළි ගොස් විරෝධතාවයන් දක්වන බවයි.







