ජල කළමනාකරණය පිළිබඳ සියලුම මූලික සිද්ධාන්ත නොසලකා මේ මොහොතේ ඇති වී තිබෙන විදුලි කප්පාදුවට පිලියම් වශයෙන් වික්ටෝරියා ජලාශයේ ජලය උපරිම ධාරිතාවෙන් ජල විදුලිය නිපදවීමට යෙදවීම නිසා ඉදිරි යල කන්නයේ දී සැලසුම්ගත වගාව මෙන්ම ඉදිරි මාසයේ දී පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ වෘත්තිකයෝ අනතුරු අඟවති.
පෙබරවාරිය ලංකාවට පූර්ණ වියලි මාසයක් සේ සැලකෙන අතර මේ වනවිට වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 64.68ක් තෙක් පහළ බැස තිබේ. මෙවැනි සිඳී යෑමක් සාමාන්‍ය තත්වයකදී වාර්තා වන්නේ මාර්තු අග සහ අප්‍රේල් මුල වකවානුවේදී ය.
ජලාශය විද්‍යාත්මකව කළමනාකරණය කරගැනීම සඳහා අවම ජල ධාරිතාව සියයට 30.6ක්වත් පවත්වා ගත යුතු බවත් ඉහළ නිර්දේශමත සිදුවන මේ ජලය මුදාහැරීමේ ප්‍රතිවිපාක ඉදිරි මාස කීපය තුළ ලැබෙනු ඇති බවත් තතු දත් ආරංචි මාර්ග හෙලි කරයි.
ජලය සම්බන්ධව ප්‍රමුඛතා ලයිස්තුවේ මුල්ම තැන පානීය ජල සැපයුම බවත්, දෙවන ස්ථානය ආහාර භෝග නිශ්පාදනය බවත්, ජලවිදුලි නිශ්පාදනය ප්‍රමුඛතා ලයිස්තුවේ තුන්වන ස්ථානයේ ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය සලකා බලා සිදුකරන මේ ජල පරිහරණය පිළිබඳ යළිත් සමාලෝචනය කළ යුතු බව විද්වත් මතය වී තිබේ.
වික්ටොරියා ජලාශ පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 438ක් ඉහලිනි. පසුගිය 2021 වසරේ ජලය ඝන මීටරමිලියන 2392ක් යොදවමින් විදුලිය ගිගාවෝට් 977ක් විදුලිය නිපදවා තිබිණි.
මෙම විදුලි උත්පාදනය කරන්නේ වර්ෂාව ඇති නැති බව සලකමින් සිදුකරන විද්‍යාත්මක ගණනයක් මතය. ජල විදුලිය සඳහා යෙදවිය හැකි උපරිම ධාරිතාව ගිගාවෝට් ගිගාවෝට් පැය 06කි.
මේ වනවිටත් එම උපරිම ධාරිතාවෙන් විදුලිය උත්පාදනය වෙමින් ඇති බව වාර්තා වේ.