ජලය හිඟයි – අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජල සම්පාදන මණ්ඩලය කියයි

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් නළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දී තිබේ.

පැවසුවේ වියළි කාලගුණය හේතුවෙන් ජනතාවගේ සාමාන්‍ය ජල පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා තිබේ.

පවතින නියගය හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව ජල සම්පාදන මණ්ඩලය තවදුරටත් කියා සිටියි.

ප්‍රමාණවත් ජල මට්ටමක් නොමැති වීම හේතුවෙන් ජලය පිරිපහදු කිරීම සහ සැපයුම අඩු විය හැකි බව ඔවුහු පවසති.


ගෙවතු වගාව, පිහිනුම් තටාක නඩත්තුව,මෝටර් රථ සේදීම, වැනි කටයුතු සඳහා පිරිසුදු කළ නළ ජලය භාවිතය සීමා කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අඩු පීඩනය හේතුවෙන් උස්බිම් ප්‍රදේශවලට ජල සැපයුම අඩාල විය හැකිය. එබැවින් ජලය රැස්කර අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version