බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමග ජනපති කළ ආන්දෝලනාත්මක සාකච්ඡාව සිංහලෙන්…..

by editor
ඔක්තෝබර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් සම්බන්ධව අද දිනය පුරාම විශාල ආන්දෝලයක් ඇති වී තිබිණි. එම සම්මුඛ සාකච්ඡාව  ජනාධිපති මාධ්‍ය අංශය විසින් සිංහලට පරිවර්තනය කර මාධ්‍ය වෙත යොමු කර තිබේ.  මේ පළ වන්නේ එම සාකච්ඡාවය. 

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි Deutsche Welle වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අප සමඟ එක්වීම පිළිබඳ ඔබට ස්තූතියි. බර්ලින් සංවාදයෙන් දින දෙකකට පසු ඔබේ රටට යන විට රැගෙන යන්න හොඳ ආරංචියක් තිබෙනවාද?
පිළිතුර
මට මෙහි සිට ආපසු රැගෙන යාමට තිබෙන දෙය නම් අප අතර ඇති පරතරය අවම වීම තුළ ඉහළ යන අවබෝධයයි, විශේෂයෙන් යුරෝපීය පාර්ශවයත් සමග.
මට පැරිස් දේශගුණ සමුළුවට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මම බර්ලින් නුවරට පැමිණ සිටින්නේ යුරෝපා සංගමය තුළ සිටින ප්‍රංශය සහ ජර්මනිය යන රාජ්‍යයන් දෙකම අපගේ චින්තනය දන්නා බවත්, අපගේ චින්තනයට අනුගත වන බවත් ඔවුන් සමග එක්ව මෙම පවතින ගැටළු කිහිපයක් විසඳීම සඳහා මගක් සෙවීමට උත්සාහ කරන බවත් පැවසීමටයි.

ප්‍රශ්නය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඔබේ චින්තනය සමඟ සම්පූර්ණයෙන්ම අනුගත වී නැති බව පෙනෙනවා නේද? පසුගිය දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ අදාළ ඉලක්කයන්ගෙන් 15% ක් පමණ සපුරාලීමට අසමත්වීම හේතුවෙන් වැඩිදුරටත් සාකච්ඡා පවත්වන තුරු දෙවන වාරිකය අත්හිටුවා ඇති බවයි. එයින් අදහස් කරන්නේ ඔබට බදු අයකිරීම පිළිබඳ තවදුරටත් ගැටළුවක් පවතින බවයි. මෙම ගැටලුව ඉතා ප්‍රභල බව පෙනෙන්නට තිබෙනවා. එබැවින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට සඳහා ඔබට විශේෂ සැලැස්මක් තිබෙනවාද?
පිළිතුර
අප එකඟතාවට පැමිණ තිබෙන්නේ දෙවැනි පැකේජය නවත්වනවා කියා නොවෙයි. අප විශ්වාස කරනවා අප මෙම වසර තුළ සිදු කර ඇති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලබන වසරේ දැකගන්න ලැබෙන බව.
ඉලක්ක පිළිබඳ කතා කිරීමේ දී ඇතැම් ඉලක්ක ළඟා කර ගැනීම අසීරු බව අප පිළිගත යුතුයි. අප මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. අප දැන් සාකච්ඡා කරමින් සිටින්නේ එම පරතරය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අප එකඟ නොවූ යෝජනා කිහිපයක් තිබෙනවා. මොකද එම යෝජනා සාමාන්‍ය ජනතාවට බරක් වන නිසා.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කියා තිබෙනවා විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න කියලා.

ප්‍රශ්නය
නමුත් ඔබේ රටට බදු පිළිබඳ ඓතිහාසික ගැටලු තිබෙනවා. ඒ වගේම හය වතාවක් බලයේ සිටි ඔබට මේවා අලුත් දේවල් වන්නේ නැහැ නේද?
පිළිතුර
එය මුලින්ම පිළිගත්ත පුද්ගලයාත් මමයි. ඒ වගේම අපි කියනවා අපිට අලුත් ආදායම් පිළිබඳ අධිකාරියක් අවශ්‍ය බව. මම එය 2003 දීත් යෝජනා කළා. 2004 මැතිවරණයෙන් මම පරාජය වීමට එයත් හේතුවක් වුණා. නමුත් මෙතන පවතින්නේ ආදායම් පැහැර හැරීම පිළිබඳ ප්‍රශ්නය පමණක් නොවෙයි.
ආදායම් මගහැරීම පිළිබඳව ගැටලුව වසරකින් විසඳිය හැකි දෙයක් නොවෙයි. අප මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඔවුන් අපට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අප ඉන් බොහොමයක් සමග එකඟවී තිබෙනවා. නමුත් දැන් තිබෙන ප්‍රශ්නය අප මේ මොහොතේ මුදල් හොයා ගන්නේ කොහෙන්ද යන්නයි. ඒ සමඟ මේ ප්‍රශ්නයත් විසඳේවි.

ප්‍රශ්නය
ඔබ හිතන ආකාරයට කොපමණ කාලයක් ඒ සඳහා ගතවෙයි ද?
පිළිතුර
මම හිතන්නේ ලබන සතිය වන විට විසඳේවි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ප්‍රශ්නය
දරිද්‍රතාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් පිළිබඳව දරුවන් සුරකිමේ ජාත්‍යන්තර සංවිධානය අනතුරු අගවා තිබෙනවා.
පිළිතුර
අපට පසුගිය වසරේදී උග්‍ර ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප එය බොහෝ දුරට අඩු කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන පැකේජයෙන් පසු අප ඊළග පියවර පිළිබඳව සිතා බලනවා.
රටේ ආර්ථිකය කඩා වැටුණු විට මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදු වෙනවා. මා රට භාරගන්නා අවස්ථාව වන විට ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන තිබුණේ නැහැ. රැකියා නැති වුණා.කර්මාන්ත කඩා වැටුණා. නමුත් අප දැන් එයින් මිදෙමින් සිටිනවා. උදාහරණයක් ලෙස සංචාරක කර්මාන්තය ගත් විට අද එය ක්‍රමයෙන් දියුණු වෙමින් තිබෙනවා.

ප්‍රශ්නය
ළමයින් සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානයේ වාර්තාව නිකුත් කර සති කිහිපයයි ගතව තිබෙන්නේ.
පිළිතුර
ඔව්. මම එම වාර්තාව කියෙව්වා. මම එහෙම නැහැ කියන්නේ නැහැ. නමුත් අපට එහි ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා, දත්ත සහ ප්‍රතිශත සම්බන්ධයෙන් එකඟ විය නොහැකියි.
කුසගින්න පිළිබඳ අර්බුදයක් තිබෙනවා. මම ඒක නැහැ කියන්නේ නැහැ. පැහැදිලිවම, ආර්ථිකය කඩා වැටෙන විට, එසේ සිදුවෙනවා. නමුත් අප එයින් ගොඩඒමට උත්සාහ දරමින් සිටිනවා.
අප ළමයින්ගේ සුරක්ෂිතතාව පිළිබඳව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. එය කුසගින්නට පමණක් සීමා කර නැහැ. නිසි ආරක්ෂාවක් නොලැබෙන දරුවන් විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ පිළිබඳ වාර්තාව ඉදිරි සතියේ මට ලැබීමට නියමිතව තිබෙනවා.

ප්‍රශ්නය
අධ්‍යාපන ක්ෂේත්‍රයේත් අර්බුද තිබෙනවා.
පිළිතුර
අධ්‍යාපනය යම් දුරටකට පසුබෑමකට ලක්ව තිබෙනවා. 2024, 2025 වසර වන විට එය සාමාන්‍ය තත්ත්වයට ගැනීමටයි අප උත්සාහ කරමින් සිටින්නේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන ප්‍රතිසංස්කරණ පිළිබඳ තීරණ ගත යුතුව තිබෙනවා. එවිට මේ චෝදනාව එල්ල වන්නේ නැහැ.

ප්‍රශ්නය
මෙය චෝදනාවක් නොවයි, මෙහි වෙනසක් තිබෙනවා. රාජ්‍යයක් තම ප්‍රශ්න විසඳා ගත යුතු කාලය සහ දෙමාපියන්ට දරුවෙකු පෝෂණය කිරීමට ඇති කාලය පිළිබඳව වෙනසක් තිබෙනවා.
පිළිතුර
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමකට ලක් වුණා. මේ වසරේ තමයි ආර්ථිකයේ යම් වර්ධනයක් සිදුවීමට පටන්ගෙන තිබෙන්නේ. තවම වසරක්වත් ගත වී නැහැ. මේ කාලය තුළ රටේ කුසගින්න පිළිබඳ ගැටලුව විසඳමින් සිටිනවා. ඒ වගේම දිළිදුකම අඩු වෙමින් පවතිනවා.
ඒ වගේම වැඩි පිරිසකට රැකියා ලැබෙමින් තිබෙනවා. මෙය රට තුළ පරිවර්තනයක් සිදු වෙමින් පවතින සමයක්.
රටේ කුසගිනි අර්බුදයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. කුසගිනි අර්බුදයක් තිබූ නිසයි එය විසඳීමේ වගකීම මම භාරගත්තේ. මම කුසගිනි අර්බුදය නිමා කරන බව ප්‍රකාශ කරනවා.

ප්‍රශ්නය
පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් අවධානයට ලක්වූ මාතෘකාවක් ගැන අප දැන් කතා කරමු. රජයට සම්බන්ධ පිරිස් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ කරන ලද කුමන්ත්‍රණයක් බවට අනුමාන කර ඇති, ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාවේ වාර්තාමය චිත්‍රපට කථාංගය පිළිබද අවධානය යොමු කළහොත් ?
පිළිතුරු
ඇයි ඔබ චැනල් 4 නාලිකාව ඔය තරම් පූජනීය ලෙස සලකන්නේ? මම එහෙම කරන්නේ නැහැ.

ප්‍රශ්නය
නැහැ. මම එලෙස හිතන්නේ නැහැ.
පිළිතුර
බ්‍රිතාන්‍යයේ ද විශාල පිරිසක් ඒ විදිහට සළකන්නේ නැහැ කියා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය
ඔබ එය එකහෙළා ප්‍රතික්ෂේප කිරිම සාධාරණද ?.
පිළිතුර
ඇයි ඔබ චැනල් 4 ගැන පමණක් ප්‍රශ්න කරන්නේ?‍

ප්‍රශ්නය
මම චැනල් 4 ගැන අහන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවා.‍
පිළිතුර
මාධ්‍ය විසින් එල්ල කරන චෝදනාව නිසාම ඇයි මම එහෙම කරන්නේ? හොඳයි, මම කියන්නේ… හිටපු නීතිපතිවරයා චෝදනාවක් එල්ල කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා චෝදනාවක් කර තිබෙනවා. ඇයි ඔබ එකක් ගැන විතරක් අහන්නේ. අනිත් ඒවා ගැනත් අහන්න.

ප්‍රශ්නය
ඇත්තටම චැනල් 4 නාලිකාව පමණක් නොවෙයි, කතෝලික පල්ලිය තමයි පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඇත්තටම ඔබතුමා සේවය කළ හිටපු ජනාධිපතිවරයෙකුත් පරික්ෂණයක් ඉල්ලා තිබෙනවා ?
පිළිතුර
මමත් අහන්නේ එයයි. ඔබ මගෙන් එහෙම ඇහුවේ නැහැ. මම ඔබට බල කළ විට පමණයි කිව්වේ හිටපු ජනාධිපතිතුමා පරීක්ෂණයක් ඉල්ලනවා කියලා. ඔබ කතා කළේ චැනල් 4 වාර්තාව පරම සත්‍යය ලෙස තබාගෙනයි.

ප්‍රශ්නය
මෙතන තිබෙන කාරණාව පරම සත්‍ය පිළිබඳ නොවයි ?
පිළිතුර
විශේෂයෙන්ම චැනල් 4 චෝදනා සම්බන්ධයෙන් මම කමිටුවක් පත් කර තිබෙනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඒ වගේම හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ සුප්‍රසිද්ධ නීතිඥවරයෙකුගෙන් එම කමිටුව සමන්විත වෙනවා.

ප්‍රශ්නය
කොමිසමේ නිදහස හැර වෙනත් දෙයක් කිරීමට තරම් මෙම කොමිසමට හැකියාවක් තිබෙනවා කියා කිසිවෙකු විශ්වාස කරන්නේ නැහැ ?
පිළිතුර
එය ඔබේ මතය, මගේ මතය නොවෙයි.

ප්‍රශ්නය
නැහැ. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්.
පිළිතුර
නැහැ. මට කතා කර අවසන් කරන්න දෙන්න

ප්‍රශ්නය
ඔබට උත්තර දෙන්න අවශ්‍ය නැත්නම් උත්තර අවශ්‍ය නෑ. නමුත් මට අහන්න පුළුවන්.
පිළිතුර
නැහැ. මම කියන්නේ එය ඔබේ මතය පමණයි. මගේ මතය නොවෙයි කියලා.

ප්‍රශ්නය
කතෝලික පල්ලිය තමයි මේ පිළිබඳව කතා කරන්නේ ?
පිළිතුර
එය අමතක කරන්න. මම කතා කරන්නේ කතෝලික පල්ලිය ගැන නොවයි. මම ඔබ ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම පමණයි සිදු කරන්නේ. ඒ වගේම මම ගනුදෙනු කරන්නේ රදගුරු සම්මේලනය සමග මිස කාදිනල්තුමා සමග නෙවෙයි. කතෝලික සභාවට කොමිසමේ සියලු වාර්තා අවශ්‍ය බව දැනුම් දුන්නා. මම ඒ සියල්ල දුන්නා.

ප්‍රශ්නය
ඔවුන් බලාපොරොත්තු වෙන්නේ විනිවිදභාවයෙන් යුතු ස්වාධීන විමර්ශනයක් ?
පිළිතුර
ඔවුන් එකඟ වූ ස්වාධීන කොමිෂන් සභාව එයයි.
ඔබ රදගුරු සම්මේලනය සමඟ ගනුදෙනු කරන්නේ නැහැ. නමුත් මම කරනවා. ඒ වගේම ඔවුන් පැමිණ මාව මුණගැසෙනවා. ඔවුන් හමුවෙන්නේ මම මිස ඔබ නොවෙයි. ඔබ මෙතන වාඩි වී කඩදාසියක් අතට අරගෙන කියවනවා. නමුත් මම කතෝලික සභාව සමග සාකච්ඡා කළා. මම නැවත මගේ රටට ගියවිටත් ඔවුන් සමඟ සාකච්ඡා කරනවා.

දෙවැන්න තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. ඉතින් යම් අතපසුවීමක් සිදුවුවහොත් නැවත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ පිළිබඳ කටයුතු කරයි. අවසාන වශයෙන් කරන්නේ මොකක්ද කියා තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවයි.

හිටපු ජනාධිපති සිරිසේන මහතාගේ කාරණය සම්බන්ධයෙන් කථා කළහොත්, මම ආපසු ගිය පසුව ඔහු හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහුද මේ සම්බන්ධව කොමිසමක් පත් කළා, ඔහුට තවදුරටත් මේ පිළිබඳ විමර්ශනයක් අවශ්‍යයි ද කියා මම සාකච්ඡා කරනවා. මම මේකට සම්බන්ධත් නැහැ. මම උත්සාහ කරන්නේ මෙයට විසඳුමක් ලබාදීමටයි.

ඔබ කාදිනල්තුමා ලබා දුන් කඩදාසියක් අරගෙන ඔහුට පේන්න එය කියවනවා. ඔබ කතෝලික සභාවත් සමඟ කතා කර තිබෙනවාද? ඔබ කතෝලික පූජකවරුන් සමඟ කතා කර තිබෙනවද?

ප්‍රශ්නය
නැහැ. මම කතා කර නැහැ.
පිළිතුර
එසේනම් ඔබට මගෙන් මේ ප්‍රශ්නය ඇසීමට කිසිඳු අයිතියක් නැහැ. එය සම්පූර්ණයෙන්ම වැරදියි කිසිම ගැටළුවක් සම්බන්ධයෙන් අපට ජාත්‍යන්තර විමර්ශන අවශ්‍ය නැහැ.

එක්සත් රාජධානියට එහෙම වෙලා නැහැ. ජර්මනියට එහෙම වෙලා නැහැ. ඔබට මොනවද ලැබී තිබෙන්නේ? ඔබ සහභාගී වී තිබෙන ජාත්‍යන්තර පරීක්ෂණ මොනවාද? එක්සත් රාජධානිය සහභාගී වී තිබෙන ඒවා මොනවාද? ඇයි අසරණ ශ්‍රී ලංකාවේ අපට සහ ආසියාතිකයින්ට විතරක් මෙහෙම කරන්නේ? ඔබ හිතන්නේ අපි පහත් රටවල් කියාද?

නිවේදක
නැහැ
ජනාධිපතිතුමා
එහෙනම් ඇයි එහෙම අහන්නේ?

නිවේදක
මොකද කිසිවක් සිදු නොවු කොමිෂන් සභා සම්බන්ධයෙන් ඔබට 2008 සිට අද දක්වාම දිවෙන දිගු ඉතිහාසයක් තිබෙනවා. මට ඒ පිළිබඳ ලයිස්තුවක් කිව හැකියි. උදුලාගම, උගත් පාඩම්….
ජනාධිපතිතුමා
පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම තමයි මේ. ඒ හැමදෙයක් සඳහාම අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා

ප්‍රශ්නය
ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අවසාන වාර්තාවේ තත්ත්වය කෙතරම් අශෝභන වී තිබෙනවාද කිවහොත්, මේ වන විට ඇමරිකානු කොංග්‍රසයේ සිටින 12 දෙනෙකු විසින් ඔබේ රජයට බලපෑම් කරන ලෙස බයිඩ්න් පාලනයෙන් ඉල්ලා සිටිනවා.
ඇත්තටම සිදුවී ඇති අපයෝජන මොනවාද යන්න සහ ඒවා මැඩපවත්වන්නේ කෙසේද සොයා බැලීමට ඔබ මීට මාස කිහිපයකට පෙර සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ප්‍රකාශයට පත් කළා. මම පෙන්වා දුන් ඒවාට මෙන්ම මෙම කොමිසමටත් බලයක් නැහැ

පිළිතුර
ඔබ එය වැරදියටයි වටහාගෙන තිබෙන්නේ. එය සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් නොවෙයි.
අපි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවා ඇති බවට මේ රටවල් සමඟ එකඟතාවයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට පක්ෂ සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින අතර අපි බටහිර රටවල් සමගත් සාකච්ඡා කරනවා. සෙනෙට් සභිකයින්ට මෙයට මැදිහත් විය හැකිය

සත්‍ය සහ ප්‍රතිසන්ධාන පනත මේ වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මම ජනාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව බරපතල ප්‍රශ්න ඇති වී නැහැ

ප්‍රශ්නය
මම විශ්වාස කරනවා ඔබ මිට මාසයකට පමණ පෙර නිකුත් වු එක්සත් ජාතීන්ගේ වාර්තාව දකින්න ඇති කියලා ?
පිළිතුර
එක්සත් ජාතීන්ගේ වාර්තාව ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ප්‍රශ්නය
කවුද ඒක ප්‍රතික්ෂේප කළේ ?
පිළිතුර
ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කවුද එය ලබා දුන්නේ? මම එක්සත් ජාතීන්ගේ වාර්තාව අනුමත කරන්නේ නැහැ.

ප්‍රශ්නය
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැරදී කියලද ඔබ කියන්නේ?
පිළිතුර
එක්සත් ජාතීන්ගේ සංවිධානය නොවෙයි. මානව හිමිකම් කොමිෂම වැරදියි.‍

ප්‍රශ්නය
මානව හිමිකම් කොමිෂම වැරදියි වගේම Amnesty සහ human rights watch ද වැරදියි ද?
පිළිතුර
මානව හිමිකම් කොමිෂම වැරදියි.

නිවේදක
අපරාධ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔබ කටයුතු කරනවා ද? ඔබේම ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් එය ඉල්ලා සිටිනවා…
ජනාධිපතිතුමා
කවුද ඇමතිවරුන්?

නිවේදක
මම හිතන්නේ ප්‍රනාන්දු මහත්මයා.

ජනාධිපතිතුමා
කොයි ප්‍රනාන්දු ද?

නිවේදක
ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ සිදු කිරීමට එකඟයිද?

ජනාධිපතිතුමා
ප්‍රනාන්දු නම තිබෙන ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. වෙළඳ හා වාණිජ කටයුතු ඇමතිවරයා ප්‍රනාන්දු කෙනෙක්. සංචාරක ඇමතිවරයාත් ප්‍රනාන්දු කෙනෙක්.

ඒ අයගෙන් කිසිම කෙනෙක් මගෙන් මෙවැනි ඉල්ලීමක් කර නැහැ. ඔබ බරපතළ චෝදනාවක් කර තිබෙන්නේ. ඒ නිසා එය පැහැදිළිව සඳහන් කරන්න.

නිවේදක
බරපතළ චෝදනාව මොකද්ද?

ජනාධිපතිතුමා
විමර්ශනයක් අවශ්‍ය බව පැවසූ මගේ ඇමති මණ්ඩලයේ සිටින ඇමතිවරු දෙදෙනා කවුද කියලා?

නිවේදක
එය චෝදනාවක් නොවෙයි. ඇත්තටම එය ප්‍රසිද්ධ කරුණක්.
ජනාධිපතිතුමා
නැහැ, ඔබ වැරදියි. මට තේරෙන විදියට නම් ඉන්නේ එක් අයෙකු පමණයි.

නිවේදක
මේ පිළිබඳ සොයා බලන ලෙස මට ඉල්ලීමක් කළ හැකිද ?
ජනාධිපතිතුමා
නීතියට අනුව, ඔබේ රටේ වගේම මගේ රටෙත් යම් විමර්ශනයක් සිදු කළ හැක්කේ පොලිසියට පමණයි. ඉන්පසුව, පොලිසිය මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළහොත්, මහේස්ත්‍රාත්වරයාට වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට නියෝග කළ හැකියි.

නිවේදක
ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා විමර්ශනය සිදු කරනවාද? ඔබ ඊට කැමතිද?
ජනාධිපතිතුමා
ඇත්තවශයෙන්ම, ඔවුන් විමර්ශනයක් සිදු කරනවා.

නිවේදක
ඒ වගේම විනිවිදභාවය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් හෝ ඔවුන්ගේ සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ ඔබට කිසිදු ප්‍රශ්නයක් නැද්ද?

ජනාධිපතිතුමා
නැහැ. ඔබගේ රටේ පවතින නඩු සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයින් සිටිනවාද?

නිවේදක
60,000ත් 100,000ත් අතර ශ්‍රී ලාංකික ජනතාවක් අතුරුදන් වී තිබෙනවා. ඔබ තවමත් නැහැ කියනවා…

ජනාධිපතිතුමා
නැහැ. අවසානය දක්වා අපට තවදුරටත් වැඩ කිරීමට තිබෙනවා. මම හිතන්නේ එම සංඛ්‍යාව මීට වඩා අඩු බවයි.

නිවේදක
ඉතින්, ඒ පිළිබඳ ක්‍රියාත්මක විය යුතුයි නේද ?

ජනාධිපති
අතුරුදන් වූවන් පිළිබඳ කොමිසම මේ පිළිබඳව කටයුතු කරනවා. එහි කටයුතු කාලයක සිට සිදුවෙමින් පවතිනවා. මම ජනාධිපති ධූරයට පත් වුණේ මීට වසරකට පෙරයි.

නිවේදක
හොඳයි, නමුත් ඔබ අගමැති ලෙස හය වතාවක් බලයට පත් වී තිබෙනවා. ඉතින්, මෙය ඔබේ වගකීමක් ?

ජනාධිපතිතුමා
මෙහි පළමු පියවර තැබුවේ මම අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ බව සිහිපත් කළයුතුයි

නිවේදක
මම ඔබෙන් අවසාන වශයෙන් ප්‍රශ්නයක් අසන්නම්. ඇතැම්විට ඔබට මේ සමඟ සම්පූර්ණයෙන්ම එකඟ විය නොහැකි වෙයි. නමුත් සැබවින්ම ඔබ හමුවේ දැන් තිබෙන මෙම ප්‍රශ්නය ඉතා බරපතල ප්‍රශ්නයක් කියා මම විශ්වාස කරනවා.
සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව වගවීම සහ යුක්තිය ඉටු කර නොමැති බව සිතන්න. ඒ පිළිබඳව ඔබ මෙහිදී දක්වන අදහස පිළිබඳව බොහෝ දෙනෙක් බලා සිටිනවා.

ජනාධිපතිතුමා
මම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ මෙය නිවැරදි කිරීමට කටයුතු කරනවා. අපි ඔවුන් සමඟ එක්ව කටයුතු කරනවා. ඔවුන් දන්නවා අප එය කරනවා කියලා. අපි සෑම දෙයක් සම්බන්ධයෙන්ම සාකච්ඡා කරනවා.
මගේ විදේශ ඇමතිවරයා ඔවුන් සමඟ නිතරම සාකච්ඡා කරනවා වගේම තත්ත්වය පිළිබඳව ඔවුන් සියලුදෙනාට අවබෝධයක් තිබෙනවා.

නිවේදක
එය ඉතා හොඳ තත්ත්වයක්

ජනාධිපතිතුමා
දැන් ඔබ ප්‍රශ්නය ඇසුවා. මම පිළිතුරක් ලබා දුන්නා. මෙය කිසිසේත්ම කනස්සල්ලට කරුණක් නොවෙයි. මම මානව හිමිකම්වලට ගරු කරනවා. ඒ පිළිබඳව හොඳම වාර්තාව තිබෙන්නේ මටයි.

නිවේදක
බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි,
ජනාධිපතිතුමා
ස්තූතියි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

Next Post

11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.