ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කූල්ස් මේ මස අගදී විශේෂ නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවට වාර්තාවේ. මෙම සංචාරය රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම වසරක් සපිරෙන අවස්ථාවේදී සිදු වීමට විශේෂිත අතර එය ගෝලීය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් කමක් උසුලනු ඇති බවට සඳහන් කළ හැකිය.
ජර්මානු චාන්සලර්වරයාගේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති උපදේශක ජෙන්ස් ප්ලොට්නර් මෙම සංචාරය සම්බන්ධයෙන් පැවසුවේ නව දිල්ලියේ හඬ ඉතා පැහැදිලිව ඇසෙන බවයි. මෙම සංචාරය ගෝලීය දේශාපාලනික වශයෙන් ඉතා වැදගත් වනු ඇති අතර එහිදී බර්ලිනයෙන් මූලෝපායික ගමන් මග තුල නව දිල්ලියට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවද එමගින් පෙන්නුම් කරන බව පෙනීයයි.
ඒ අනුව ස්කූල්ස්ගේ සංචාරයට අවශ්‍ය මූලික කටයුතු සකස් කිරීමට ඉන්දියාවට පැමිණි ඔහුගේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති උපදේශක ජෙන්ස් ප්ලොට්නර් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් සමඟද විශේෂ සාකච්ඡාවක් පැවත්වීය.
එහිදී දේශගුණික විපර්යාස, ආර්ථික තත්ත්වය සහ භූ දේශපාලනය යන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් පිළිබඳ අවාධානය යොමු කර ඇති බවටද වාර්තාවේ. මෙහිදී ඉන්දීය ආරක්ෂක උපදේශක දොවාල් ප්‍රකාශ කර සිටියේ ″ අභියෝගවලින් පිරුණු ඉතා අවුල් සහගත ජාත්‍යන්තර තත්ත්වයක අපි ගිලී සිටිනවා. යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධය යුරෝපීය යුද්ධයකි. නමුත් එය ගෝලීය ප්‍රතිවිපාක ඇති කරන යුද්ධයක්,” යනුවෙනි.
මේ අතර, බර්ලිනය සහ දිල්ලිය එකම පිටුවක සිටින බව අවධාරනය කරමින් ප්ලොට්නර් මෙසේ පැවසීය: “දැන්, ඉන්දියාවේදී, අපට සහකරුවෙකු සිටින බව අපට දැනේ. නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙල විශ්වාස කරන, බහුපාර්ශ්වික ලෝකයේ සහ බහුපාර්ශ්වික ක්‍රමයේ ප්‍රබල යෝජකයෙකි. එක්සත් ජාතීන්ගේ විශ්වාසවන්තයෙක්..”