බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයවර්ධනපුර රෝහල වළලන්න සූදානම්… නලින්ද… අන්තිම පස් මිට දාන්න එන්න!

by editor
ජූලි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

රොහලේ නැති ඖෂධ හෝ ශල්‍ය උපකරණ පිටතින් ගෙන්වා ගැනීම සඳහා කිසිම නිර්දේශයක් රෝගීන්ගේ ඥාතීන් වෙත නොකරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ට දැනුම් දීමත්, ජයවර්ධනපුර රෝහල රජයේ සාමාන්‍ය රෝහලක ක්‍රමවේදය තුළම පැවිතිය යුතු බව දැනුම් දීමත් සමග රෝහල තුළ කිසිදා ඇති නොවුන බිඳවැටීමක් නිර්මාණය වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

වැඩ බලන අධ්‍යක්ෂවරයා මේ ගැන දැනුම් දී ඇත්තේ මාස 10කට පසු බදාදා (16) පැවැත්වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ රැස්වීම අමතමිනි. විශේෂයත්වය වන්නේ මේ අවස්ථාවටවත් සෞඛ්‍ය ඇමතිවරයාගේ ගෝලයා වී ජයවර්ධනපුර රෝහලට තේරී පත් වූ රෝහල් සභාපතිවරයා සහභාගී නොවීමය. ඔහු ජයවර්ධනපුර රෝහලේ සභාපති ධූරය දරන ගමන්ම කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ නේවාසික වෛද්‍යවරයෙක් ලෙස ද කටයුතු කරන්නේ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගේ ද අභිමතය පරිදි බව වාර්තා වේ.

ඖෂධයක් ඇනවුම් කර ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අවසන් අදියර ලෙස ඖෂධය ගෙන්වා ගැනීම සඳහා මාස 09ක කාලයක් ගතවන පසුබිමක මේ වනවිට ඉතිහාසයේ කිසිම අවස්ථාවක අත් නොවිඳි තරම් බරපතල ඖෂධ හිඟයක් රජයේ රෝහල්වල පවතින පසුබිමක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහල් පරිපාලනය මෙවැනි පියවරක් ගෙන තිබීම විශේෂය.

ශ්‍රී ජයවර්ධනපුර රොහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නට එරෙහිව අල්ලස් කොමිසම මගින් දියත් කළ නඩුව මුල් කරගෙන වෛද්‍යවරුන් ඖෂධ නිර්දේශ කිරීම පිළිබඳ දෙගිඩියාවක පසුවෙද්දී ඔවුන්ට අවශ්‍ය විශ්වාසය සහ සහතිකය ලබා දීම වෙනුවට රෝහල් පරිපාලනය මෙවැනි වාරණ නිකුත් කිරීම බරපතල තත්ත්වයක් නිර්මාණය කර ඇති බව රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ තත්ත්වය තුළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෘද හා උරස් කුහරය පිලිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. බොහෝ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥවරිය ද ඉල්ලා අස්වීමේ සූදානමක සිටින බවට තොරතුරු ලැබෙමින් ඇත. මීට සති දෙකකට පෙර ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා ඉල්ලා අස් වී තලවතුගොඩ පෞද්ගලිික රෝහලක සේවයට ගියේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මේ තත්ත්වය තුළ දැනට ජයවර්ධනපු රෝහලේ අක්ෂි රෝග ඒකකය වසා දමා ඇති බවත්,  මෞත්‍රලිංගික රෝග සහ වකුගඩු බද්ධ කිරීමේ අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 04 දෙනෙක් පමණක් බවත්, හෘද රෝග ඒකකයේ රෝගීන් ගනන 08 දෙනෙකුට අඩුවී ඇති බවත්, සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවත් වාර්තා වේ. අද උදේ 10වන විට රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණ තිබුණේ රෝගීන් 20කට ආසන්න පිරිසක් බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඉතිහාසයේ කිසිම දවසක රෝහල මේ ආකාරයෙන් බිඳ වැටී නැති බව පවසන රෝහල් ආරංචි පවතින තත්ත්වය තුළ ජයවර්ධනපුර රෝහල යළි ගොඩගැනීම පහසු කටයුත්තක් නොවනු ඇති බවත් පෙන්වා දෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෝමාගම පොලිසිය අධිකරණයටත් උඩින් සිට තිලිණි පියුමාලිව නලවන්නේ ඇයි?… සිතාසි සහ ඇස්කීසි නිලධාරීන්ගේ සංගමය අසයි!.

Next Post

රාජිතගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.