බත්තරමුල්ල ජයවඩනගමින් රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයක වටිනාකමක් ඇති නිවසක් මිලදී ගත් හරක් කටා නොහොත් නදුන් චින්තකගේ නැන්දනිය පොලිස් වත්කම් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල ජයවඩනගම දී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව 54 හැවිරිදි අනෝමා ප්‍රියදර්ශනී නැමැත්තියකි.
ඇය හෙට (21) දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් පරීක්ෂණ පත්වනු ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.