ජම්මු කාශ්මීර කලාපයට මේ වසරේදී ඉතිහාසයේ ඉහළම සංචාරක පැමිණීම වාර්තා විණි. සංචාරකයින් ලක්ෂ 26කට ආසන්න සංඛ්‍යාවක් හිමෙන් වැසුණු කඳුකර නැරඹීමට පැමිණ සිටි අතර අලුත් හිම පතනය මධ්‍යයේ සංගීත සැණකෙලියක් පැවැත්වීමට රජය කටයුතු කර තිබිණි.
කලාපයේ සංචාරක ව්‍යාපාරය වසර පුරා ක්‍රියාත්මක වන කර්මාන්තයක් බවට පත් කර ඇති මෙම ප්‍රතිසංස්කරණයෙන් ලැබෙන ප්‍රතිලාභ සංචාරක අංශයෙන් ජීවනෝපාය සලසා ගන්නා මිලියන ගණනකට උපකාර කරන බව ‘ඒෂියන් ලයිට්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
මෑත අතීතයේ දී, කලාපය තුළට පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික සම්පත් ගලා යාමක් සිදු වූයේ, ප්‍රදේශය දියුණුව කරා ගෙන යමිනි.
2022 මැද භාගය වන විට ‘යූනියන් ටෙරරිටි’ වෙත රුපියල් කෝටි 64 000ක් වටිනා දැවැන්ත ආයෝජන ලැබුණු අතර එයින් රුපියල් මිලියන 2500ක් දැනටමත් ජම්මු කාශ්මීර් රජයට ලැබී තිබේ. ඔවුන් විශ්වාස කරන්නේ මේ වසර අවසානයේදී රු. කෝටි 75000ක අයෝජනයක් සිය රජය වෙත ලැබෙනු ඇති බවයි.
මධ්‍යම රජය විශේෂයෙන් කලාපයේ සාමාන්‍ය ජනතාව සඳහා නිකුත් කරන යෝජනා ක්‍රම සාර්ථකව ඉලක්කගත ජනතාව වෙත ළඟා වෙමින් තිබේ. මුලපිරීම් දියත් කිරීමට පමණක් නොව, ඔවුන් සඳහා නිර්මාණය කර ඇති අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත හැකි අන්දමට ජනතාව දැනුවත් කිරීමට ද යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීමත් සමඟ, ප්‍රතිලාභ අදාළ ජනගහනයට නිවැරදිව මුදා හැරීම සහතික වී ඇත.
කලාපයේ ප්‍රධාන රැකියා ප්‍රභවය කෘෂිකර්මාන්තය වන අතර කලාපයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ මෙම අංශයට සම්බන්ධ වී සිටියි. ජම්මු කාශ්මීර් පරිපාලනය වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලු විසඳීම සඳහා 2022 දී නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් යෝජනා කළේය. මෙම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ කෘෂි අස්වැන්නෙහි මිල ඉහළ නැංවීමත්, කෘෂිකාර්මික පවුල් 13 00 000කගේ ජීවනෝපාය සපයන අතරම අමතර ව්‍යවසායන් 18 861ක් බිහි කරමින් එමඟින් නව රැකියා 2 88000ක් උත්පාදනය කිරීමත් ය.