ඉදිරි වසර පහ තුළ සිය ආරක්ෂක වියදම් දෙගුණ කර සතුරු කඳවුරුවලට පහර දීමේ හැකියාව අත්පත් කර ගන්නා බවට ජපානය පසුගිය වසරේ ප්‍රකාශ කිරීමෙන් පසුව, දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි සැලසුම් කළ විශාලතම යුධමය ගොඩනැගීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍ය චින් ගැන්ග් ටෝකියෝවට සිය අප්‍රසාදය පළකර තිබේ.
දෙවන ලෝක යුද්ධයේ පරාජය ජපානයට මතක් කරමින් චීන විදේශ අමාත්‍යවරයා පැවසුවේ පශ්චාත් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඇති වූ ජාත්‍යන්තර පිළිවෙත් තවදුරටත් පවත්වා ගත යුතු බවයි.
“සබ්මැරීන, බෝම්බ, හයිපර්සොනික් කෲස් මිසයිල සහ ප්‍රහාරක ජෙට් යානා ඇතුළු ආයුධ සම්බන්ධීකරණය කිරීමෙන් තම හමුදාවට ප්‍රතිවාදී ඉලක්ක විනාශ කළ හැකි ආකාරය ජපානය විසින් ප්‍රථම වරට පෙන්වා දී ඇත,” යනුවෙන් චීනයේ බලගතු හමුදා සඟරාවක් වන මොඩර්න් ශිප්ස්ද වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.
කලාපීය භූ දේශපාලන ආතතිය උත්සන්න කිරීම, ඉන්දු-පැසිෆික් කලාපයේ අවි තරඟයක් අවුලුවාලීම සහ බීජිං-ටෝකියෝ සබඳතාවල සමස්ත අපේක්ෂාවට හානි කිරීම සම්බන්ධයෙන් අදාල සඟරාව ජපාන දැඩි දෝෂ දර්ශනයටද ලක් කර තිබේ.
“ජපානයේ ආත්මාරක්ෂක හමුදා ප්‍රහාරාත්මක ඉරියව්වකට හැරීමෙන් පෙන්නුම් කරන්නේ ජපානයේ දක්ෂිණාංශික බලවේග පශ්චාත් යුද පද්ධතිය බිඳ දමා කලාපීය තත්වයන්ට මැදිහත් වන බවයි. එය කලාපීය යුධමය සමතුලිතතාවයට සහ මූලෝපායික ස්ථාවරත්වයට බරපතල බලපෑමක් ඇති කරනු ඇති අතර ඉහළ සුපරීක්ෂාකාරීත්වයක් ඊට ලැබිය යුතුය, ” යනුවෙන්ද සඟරාව අනතුරු ඇඟවීය.
“තායිවානය ආරක්‍ෂා කිරීම ජපානය ආරක්‍ෂා කරයි” වැනි ප්‍රකාශවල අරමුණ වන්නේ නරක අතට හැරෙන චීන-ජපාන සබඳතා පිළිබඳ ජාත්‍යන්තර සහ දේශීය කනස්සල්ල මැඩපැවැත්වීමයි,” යනුවෙන්ද එම සඟරාව අවධාරනය කලේය. එහිදී යුදමය කටයුතු සඳහා සිය අයවැය වැඩි කිරීමට ටෝකියෝ පාලනය ගත් තීරණය සහ එහි ආරක්ෂාව පිළිබඳව නැවත නැවතත් අවධාරණය කිරීම චීනය කැළඹී ඇති බවද මෙම වාර්තා වලින් පෙනීයයි.