සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති යටි කුට්ටු වැඩ කරමින්  මෝඩ කතා කියනවා… රජය සමග සාකච්ඡාවෙන් ඉවත් වූ   හේතුව කාදිනල් තුමෝ කියති!

by editor
ජූනි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ සම්බන්ධව  රජය සමග කතෝලික සභාව එකඟ වූ සාකච්ඡාවෙන්  ඉවත් වූයේ ජනාධිපතිවරයා විසින් සිදුකළ මෝඩ ප්‍රකාශයක් සමග ජනාධිපතිවරයා කතෝලික සභාව පාවිච්චි කරමින් කරන්නට උත්සාහ කළ ලාභ දේශපාලන යටිකූට්ටු වැඩ පිළිවෙළ හෙළිදරව් වීමෙන් බව අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්වහන්සේ අද පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ දෙවළපල වඩුමුල්ල යහපත් අනුශාසනාදායක මාතා දේවස්ථානයේ 75වන සංචත්සරය වෙනුවෙන් පැවති ජුබිලි දේව මෙහෙයට එක්වෙමින් කළ අනුශාසනාව අතරය.

දෙවළපල වඩුමුල්ල යහපත් අනුශාසනාදායක මාතා දේවස්ථාන

පසුගිය දා රජය පාර්ශවයෙන් කාදිනල් හිමිපානන් ප්‍රමුඛ කතෝලික සභාවට ලේඛන ඇමුනුම් සහිතව ප්‍රබල චෝදනාවක් එල්ල කළේය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කළ එම චෝදනාවේ  කියැවුනේ කතෝලික සභාව වෙත ජනාධිපති ලේකම්වරයා විසින් සාකච්ඡාවක් සඳහා යවන ලද ලිඛිත ඉල්ලීමට කතෝලික සභාව විසින් පසුගිය 05 වැනිදා හෝ 06 වැනිදා දින නිමය කර සාකච්ඡාවට එකඟ වී සිටි නමුත් එක්වරම හේතු නොදන්වා එය අවලංගු කළ බවය.  මේ හේතුවෙන් රජයේ විශිෂ්ට කැපවීම ප්‍රතික්ෂේප වී ඇති බවත් පාස්කු ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ කටයුතු සම්බන්ධව පැවැත්වීමට නියමිතව තිබූ ඵලදායී සාකච්ඡා මගහැරී ගිය බවත්ය.

නීතිපතිවරයා ගේ කාලය දීර්ඝ කරගැනීම සඳහා කතෝලික සභාව පාවිච්චි කරමින් ජනාධිපතිවරයා සිදුකළ මෝඩ ප්‍රකාශයත් ඔහුගේ යටි කූට්ටු වැඩ පිළිවෙළත් නිසා තමන්ට සාකච්ඡාවලින් ඉවත්වීමට හේතු වූ පසුබිම කාදිනල් තුමෝ දීර්ඝ පැහැදිලි කිරිමක් සහිතව හෙළි කළහ.

ඒ ප්‍රකාශය මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැන් ඡන්දයක් එන නිසා පක්ෂ කීපයක් පාස්කු ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ සම්බන්ධව  ඒගොල්ල මොනවද කරන්නේ කියලා  ඒ අයගේ ප්‍රතිපත්ති අපට දැනුම් දීලා තියනවා.  රදගුරු මණ්ඩලය ඒ ගැන සතුටු වුනා.  ඒ වගේම පවතින රජයත් ඒ  ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා අපට දැනුම් දුන්නා. අපි ඒකට සතුටු වුනා. ඒ නිසා අපි ඒකට සතුටු වුනා.

ඒ නිසා අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න ඉදිරිපත් වුන වෙලාවෙදි ඒ සාකච්ඡාව අවංක චේතනාවකින් කරන ලද ආරාධනයක් නොවන බව පැහැදිලි වෙන ආකාරයේ ප්‍රකාශයක් අපේ රටේ නායකයා විසින් කරනු ලැබුවා. එනම් මේ කටයුතුවලදී තමන් කමිටුවකට පත්වීම් ලබන නිසා අපේ නිතිපති තුමාගේ කාලය තව මාස හයකින් දික් කරනවා කියලා ජනාධිපති තුමා කළ ප්‍රකාශය.

එය සම්පූර්ණයෙන්ම නොමග යැවීමක් ලෙසයි අපි දැක්කේ. නීතිපති තුමා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි. නීතිපති ධූරය අවසන් වුනාම තවත් නීතිපතිවරයෙක් පත් කරගන්න පුලුවන්. අපට ප්‍රශ්නයක් නෑ කවුද  නීතිපති කියන එක. අපට ප්‍රශ්නය තියෙන්නේ ඇයි මේ නීතිපතිවම තියාගන්න ඕනෑවට  මේ සාකච්ඡා වටය පාවිච්චි කරන්නේ කියලා.  අපට ඒක තේරුම් ගන්න බෑ.  ඒ නිසා වැරදි අදහසක් ඇතුළු වෙලා ජනාධිපති තුමා කියලා තියනවා කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියනවා නම් නීතිපති තුමාගේ කාලය දික් කිරීම සම්බන්ධව රදගුරු මණ්ඩලයෙන් අහන්න කියලා.

ඒක මහ මෝඩ කතාවක්නේ. රදගුරු මණ්ඩලය දන්නවයැ නීතපති තුමාගේ ධූර කාලය දික් කරන්නට මොනවද හේතු වුනේ කියලා. අපි දන්නේ නෑ නේ. අපෙන් අහන්න කිව්වම කරන්නේ මහා මෝඩ වැඩක්. ඒ වගේම  රදගුරු තුමන්ලාව අමාරුවේ දාන්න කරන  වැඩක්.  ඇයි අපට උත්තර දෙන්න බෑනේ නීති පති තුමාගේ සේවය දික් කරන්නේ මොන හේතුවකට ද කියලා. අපි දන්නේ නෑ නේ මොකක්ද අදහස කියලා.

එහෙම කීම තුළ අපි දැක්කා යම් ආකාරයක යටි කූට්ටු වැඩ පිළිවෙළක්. ඒ නිසා අපට සිද්ධ වුනා ඒ සහාය ප්‍රතික්ෂේප කරන්නට. ඒ වගේ අපව පාවිච්චි කරමින් යුක්තිය ඉෂ්ට කිරීමට උත්සාහ කරනවා කියලා පෙන්නමින්  ජනතාවගේ හිත දිනා ගැනීමට සහ ඡන්දයට එය පාවිච්චි කරන්නට යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක අවංක චේතනාවකින් කරන වැඩක් බව පැහැදිලි වෙනවා. ඒ ටික එතුමාට තේරුම් ගැනීමට බැරිවෙච්චි එක ගැන අපි කනගාටු වෙනවා. මේක තමයි යථාර්ථය.

මා මේ ටික කියා හිටියේ රදගුරුතුමන්ලා නිතරම උත්සාහ කරන්නේ මේකයි. පාස්කු ප්‍රහාරය දැන් ඉවරයක් නැති කතාවක් වෙලා තියනවා. සමහර අය අපට දොස් කියනවා ඇයි මේ පාස්කු ප්‍රහාරය තියාගෙන හැම තිස්සේම ඒ ගැන කියන්නේ කියලා.  නමුත් අපට මේ ගැන අයිතියක් තියනවා මේ දෙවස්ථානවල සහ සංචාරක හෝටල්වල සිදුකළ මහා ඝාතනය ගැන ඇත්ත දැනගන්න. අපි කියන්නේ මේක හොයලා බලන්න හොඳට. අප  කියන්නේ විවිධාකාරයේ   පුද්ගලයො ඉදිරිපත් වෙලා විවිධාකාරයේ හේතු සහ සාක්ෂි ඉදිරිපත් කරලා තියනවා. ඒවා විමර්ශනය කරන්න. විමර්ශනය කරලා ඇත්තටම මොකක් ද උනේ කියලා අපට දැනුම් දෙන්න. මිය ගිය අයට ජිවිතය දෙන්න බෑ, නමුත් ඒ අයගේ ඥාතීන්ගේ හිත් සනසන්න අපට ඒක ප්‍රයෝජනවත් වෙනවා. මේ හැම දෙයක්ම අප කරන්නේ යහපත් ජීවිතයක් ගත කරන්න, ප්‍රේමය වර්ධනය කරන්න විශ්වාසනීයත්වය වර්ධනය කරන්න කියලා මරියා තුමිය අපෙන් කරන ඉල්ලීම නිසයි.

මේ අමානුෂික ප්‍රහාරය පිටිපස තිබුණ දේ හෙළිදරව් කරන්න කියලා අපි යාඥා කරමු. අපට ප්‍රශ්නයක් නෑ මොන පක්ෂයක්ද මොන නායකයෙක් ද පත්වෙන්න යන්නේ කියන එක අපට ප්‍රශ්නයක් නෑ. කවුරු පත් වුනත් අපට එකයි. නමුත් එ් අය දැනගන්න ඕන මිනිස් ජිවිත 274ක් නැති කරලා, දේපල විනාශ කරලා මේ රටේ ආර්ථිකයට විශාල ප්‍රහාරයක් එල්ල කරපු  සංචාරක ව්‍යාපරය එහෙම පිටින්ම කඩා වැටීමට සලස්වපු මේ ප්‍රහාරය කළේ ඇයි කියන එක ගැන දැනගන්න අපට අයිතියක් තියන බව ප්‍රකාශ කරන්නටයි.

උන්වහන්සේ ගේ ප්‍රකාශය

Lankasara · කාදිනල් තුමා… (online – Audio – Converter.com)
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඇමති වක්කුඹුරගේ නිල රථය යතුරුපැදිකරුවෙක් අනතුරට ලක් කරයි… පැදිකරු රෝහලේ….

Next Post

නලීන් බණ්ඩාරගේ ජිප් රිය අනතුරට පත් කළ තරුණයා දින 06ක් ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ…. ජීවත්වන්නේ යන්ත්‍ර ආධාරයෙන්… ජිවිතය අධි අවදානම් බව රෝහල් ආරංචි කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.