සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තුමා… සහෝදරයා කියන්නත් ලැජ්ජයි… නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලොක්කා සේනාධිපති රෙද්ද අස්සේ දාගෙන කන දීගය කුමක් ද?.

අමාත්‍යාංශ ලොක්කා වෙනුවෙන් ලොක්කගෙ පියන්ට කතා කරලා විපක්ෂ දේශපාලකයාට තේ එකක් ඕඩර් කරලා තියෙන්නේ සේනාධිපති...

by editor
අප්‍රේල් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා ලංකාවේ විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙක් නීතිය හා සාමය අමාත්‍යංශයට ගියේ එහි ප්‍රධානියකු හමුවී රහස් තොරතුරක් පැවසීමටය. ඔහු එහි යන විට එම අමාත්‍යංශ ප්‍රධානියාගේ මේසය ඉදිරිපිට වාඩිවී සිටි පුද්ගලයා දුටු ප්‍රබල දේශපාලඥයාට ඇති වූයේ ඉහින් කනින් දාදිය දමන තරමේ කම්පනයකි.

තමන් අනාවරණය කිරීමට ගිය රහසිගත තොරතුර පැවසීම කෙසේ වෙතත් අමාත්‍යංශ ප්‍රධානියා හමුවීමට යාම පවා තමා විසින් කළ මෝඩ කමක් බව දේශපාලඥයාට සිතුණි.

නීතිය හා සාමය අමාත්‍යංශයේ ඒ ප්‍රධානියා අසල ඉදිරිපස අසුනේ සිටියේ වෙනින් කවුරුත් නොවේ. ඇවන්ගාඩ් ආයතනයේ මේජර් සේනාධිපතිය. එහි ගිය ප්‍රබල දේශපාලඥයාද මේජර් සේනාධිපති හොඳින් දන්නා අඳුනන අයෙකි.

මීට අවුරුදු ගණනකට පෙර ජනතා විමුක්ති පෙරමුණ හා සේනාධිපති අතර පැවති නයි මුගටි ආරවුල ගැන විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයාට සිහිපත් වුන අතර නීතිය හා අමාත්‍යංශයේ ප්‍රධානියා සමග ගජේ දමා ගෙන සිටීමට තරමේ යාළු කමක් සේනාධිපති හා එම ප්‍රධානියා අතර තිබේ යැයි ඔහු සිහිනෙකින් වත් විශ්වාස නොකෙරුවේය. මෙහිදී සිදුවුන සිද්ධිය එම විපක්ෂ දේශපාලඥයා අපට පැවසුවේ මේසේය

“…..මම නීතිය හා අමාත්‍යංශයෙට ගියෙ අහවලා හම්බ වෙන්න. මම එයාගෙ ඔෆිස් කාමරයට යද්දි එතැන හිටියෙ මේජර් සේනාධිපති. මං එතැනට යද්දිත් සේනාධිපති එහි සිටියෙ මාත් ඔහුත් දන්න කියන නිසා වෙන්නැති. ඒක නොවෙයි වැඩේ. මං එතැනට ගිහිල්ල වාඩි වුනාම සේනාධිපති තමා ඒ අර අහවලාගෙ පියන්ට කතා කරල මට තේ එකක් ගෙන්න කියල කි⁣ව්වෙ. ම⁣ට ඒ සිද්ධියෙන් තේරුනා සේනාධිපති මේ කාර්යාලය තුළ පවා බලය පතුරගෙන සිටින බව.”

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

“මම දේශපාලඥයෙක් විදියට දන්නවා සේනාධිපති හා ජවිපෙ අතර පැවතුන ආරවුල ගැන. සේනාධිපති එක් වරක් ජවිපෙට අභියෝග කරල කිව්වෙ මගේ වත්කමේ අන්තිම සතයත් වියදම් කරල ජවිපෙ නැත්තට නැති කරනවා කියල. දැන් මේ රටේ ඉන්නෙ ජවිපෙ නියෝජනය කළ ජනාධිපතිවරයෙක්. මට පුදුම ඒකයි.

එතැනදි මට තේරුම් ගන්න තියෙන්නෙ සේනාධිපතියි ජනාධිපතියි දැන් යාළුවෝ කියල විතරයි. එහෙම යාළු කමක් නැතිනම් නීතිය හා සාමය අමාත්‍යංශෙ ප්‍රධානියා තමන්ගෙ කාර්යාලයට සේනාධිපති ගෙන්න ගෙන චැට් කර කර ඉන්න බැහැ.

සේනාධිපති කියන්නෙ ලුම්පන් ව්‍යාපාරික බූවල්ලෙක්. ඔහු ආණ්ඩුවෙ ප්‍රධානීන් වගේම පොලීසියෙ ලොක්කො හසුරවන්නෙ මුදල් විසි කරල. ඔහු රාජපක්ෂ පවුලේ පැවැත්ම සදහා ඕනෑම තක්කඩි කමක් කරාවි. විශේෂයෙන් ගෝඨාභයත් ඔහුත් අතරත් පවතින්නෙ දැඩි සමීප සම්බන්ධතාවක්.

පසුගියදා අපේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුවා පොලීසියේ සේවය කළ අන්ත දූෂිතයෙක් නීතිය හා සාමය අමාත්‍යංශයෙ උපදේශකයෙක් වෙලා ඉන්නව කියල. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කටේ කෙල බිංදුවක් හෙළුවෙ නෑ. කාරණේ ඇත්තනේ. නීතිය හා සාමය ඇමති ආනන්ද විජේපාලගෙ මිත්‍රයා තමා ඒ. එතකොට ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය මේ රටේ රාජ්‍ය ආයතන වලින් දූෂණය පිටු දැකීම. ඒත් නීතිය හා සාමය ඇමති උපදෙස් ගන්නෙ පට්ට දූෂිතයෙක් ගෙන්.

ඒ අස්සෙ තමා අමාත්‍යංශ ප්‍රධානියා සේනාධිපති එක්ක හුරතල් වෙන්නෙ.
මේ ගණුදෙනු අනුර කුමාර දිසානායක ජනපතිවරයා නොදන්නවා වෙන්න බැහැ.
එහෙම නොදැන ඉන්නව නම් මේ රටේ බුද්ධි සේවාවන් වලින් ලබා දෙන තොරතුරු ජනාධිපතිවරයාට දෙන්නෑ කියල තමයි හිතන්න වෙන්නෙ.

මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න වගකීම පැවරිල තියෙන අමාත්‍යංශයෙ උපදේශකය පට්ට දූෂිතයෙක් වෙද්දි එහි පරිපාලනමය ප්‍රධානිය සේනාධිපති එක්ක ගනුදෙනු කරනවා කියද්දි ජාජබයට ඡන්දෙ දීපු ජනතාව ගැන අපට ඇතිවෙන්නෙ බරපතල කණගාටුවක්. ඇත්තටම දුකක් දැනෙනවා. ජාජබයට විරුද්ධ දේශපාලඥයෙක් විදියට මේ ආණ්ඩුව ගැන මම බොහොම විශ්වාස කෙරුවා. ඒත් දැන් බලා ගෙන යද්දි මෙයාල අමු තක්කඩි කියල හිතෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක තමන්ගෙ මිත්‍රය ආනන්ද විජේපාලගෙ හිත රිදවන්න බැරි නම් වෙන විකල්පයකට ගිහිල්ල ඔහුගෙන් නීතිය හා සාමය අමාත්‍යංශ ගලවල ඔහුට වෙන අමාත්‍යංශයක් බාර දෙන්න ඕන. ආනන්ද විජේපාල පොලීසියෙ හිටිය එස්අයි කෙනෙක් කියනවනේ .හැබැයි එයා ඇමති වෙලත් කරන්නෙ පොලීසියෙ එස්අයි කෙනෙක් කරන වැඩ. ඒකනේ පොලීසියෙ පාවා දෙන තරම⁣ට දූෂිතව රාජකාරි කරපු පැන්ෂන් කාරයෙක් උපදේශකය කරගෙන තියෙන්නෙ.

ඒ උපදේශකයට එරෙහිව තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කරාය කියන චෝදනාවම ඇති නීතිය හා සාමය අමාත්‍යංශයෙ පැත්ත පලාතෙ ගෙන්න නොගන්න. ඒක ⁣එහෙම තියෙද්දි අමාත්‍යංශෙ පරිපාලන ප්‍රධානියා ගනුදෙනු කරන්නෙ මේජර් සේනාධිපති එක්ක.

එයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනාවක් එල්ල වෙනවා. ඒත් දැන් ඔහු නීතිය හා සාමය අමාත්‍යංශෙ පරිපාලන ප්‍රධානියා හමුවන්න එන අමුත්තන්ට තේ සපයන්නා බවට පත් වෙලා. විපක්ෂෙ මන්ත්‍රීවරයෙක් විදියට මට සතුටු වෙන්න පුළුවන් මේ ජරා වැඩ දැකල. ඒත් මගේ හෘද සාක්ෂිය තියෙන්නෙ බරපතල අවුලක. මං විපක්ෂයෙ හිට්යට මේ මිනිස්සු මේ රට ගොඩ දාවි කියන විශ්වාසය මට තිබ්බා. අන්න ඒ නිසා මම ඇහැට දැකපු මේ සිද්ධියෙන් දැඩි කම්පනය⁣ට පත් වෙනවා.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ස්ටේජ් වල දීල අත අරින මිසයිල් ඔක්කොම පුස් වෙඩි කියල විතරක් වැටහෙන්නෙ නීතිය හා සාමය අමාත්‍යංශෙ ඇතුළෙ මේ සිද්ධ වෙන ගජ මිතුරු හවුල් දැක්කාමයි. මට නම් කියන්න තියෙන්නෙ බොරුවෙන් හැමදාම මිනිස්සු රවටන්න බැහැනේ. නුමුත් මෙහෙම එකක් තියෙනවා. ජාජබය ගැන විශ්වාස කරපු මේ රටේ ජනතාව මෙයාල ගැන කළකිරුනොත් මහා ඛේදවාචකයකින් තමයි ජාජබ දේශපාලනය කෙළවර වෙන්නෙ. මං කිව්ව කියල ලියල තියාගන්න.

කොහොම හරි එදා මම ආණ්ඩුවට දෙන්න ගිය රහසිගත තොරතුර දුන්නෑ. මොකද
මේ වගේ කෙනෙකුට ඒ තොරතුර දීල කෙලවගන්න ම⁣ට ඕන කමක් නෑ.
එහෙම නම් මම ඒ තොරතුර සේනාධිපතිටම දුන්න වගේ වෙනවා.ඒ කියන්නෙ රාජපක්ෂලම ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා.

නීතිය හා සාමය අමාත්‍යංශෙ වැඩ ⁣මෙහෙම නම් ඉතින් ආණ්ඩුව ගැන කවර කතාද.පැලවත්තෙ ටිල්වන් සිල්වා මහත්තය ස්ටේජ් වල කවි කවි කිය කිය ආණ්ඩුව ගොඩ දාන්න බලනවනේ. හැබැයි දැන් ඒ මහත්තයට තියෙන්නෙ විරුදු බණ කැසට් එකක් ගහල කීයක් හරි හොයාගන්න. මොකද ගෝල බාල ඇමතිලයි ලේකම්ලයි මේ කෙලින පිස්සු වලට ආණ්ඩුව කොහෙන් නතර වේද දන්නැති හන්ද…”

විරුද්ධ පක්ෂයේ මේ ප්‍රබල දේශපාලඥයා ප්‍රධාන පක්ෂ නියෝජනය නොකරන සුළු ජාතීන්⁣ නියෝජනය කරන පක්ෂයක නියෝජනයක් බව මේ තුන් තේරවිල්ලට රුකුලක් ලෙස ලියා තබන්නට හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෝලා ඕෆ් කරන්න කියලා තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කළේ නෑ… ලංවිම අවධාරණය කරයි…

Next Post

ශ්‍රීලංගම රුහුණු ප්‍රාදේශිකය දින 03ක් තුළ කෝටි 05ක වාර්තාගත ආදායමක් ලබයි…

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.