ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන් හැර සමස්ත සෞඛ්‍ය සේවකයින් රෝහල් පුරා ආරම්භ කල වැඩ වර්ජනය හෙට උදෑසන 6.30ට තාවකාලිකව අවසන් කිරිමට තීරණය කළ බව රජයේ විකිරණ තාක්ෂණවේදින්ගේ සංගමය සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පැවැත්වීමට අවස්ථාව ලබා දීමට එකඟ වීමත් සමග ආරම්භ කර තිබු වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරිමටත් සතුටුදායක දායක ප්‍රතිචාරයන් නොලැබුණහොත් ලබන බදාදා නැවනත වර්ජනය ආරම්භ කිරීමටත් කටයුතු කරන බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරයි.