ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියි.
රටේ අමාරුකම් තමා පිළිගන්නා බවත් විදුලිබිල මෙන්ම ඉන්ධන මිල වැඩි බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ජූලි මාසයේ සංශෝධනයෙන් යම් ප්‍රමාණයෙන් බිල අඩුවෙන බවත් අවම මට්ටමේ විදුලිය භාවිතා කරන ඒකක 0 – 30, 30 – 60, 60 – 90 ඒ පිරිසට 27%කින් විදුලිබිල අඩු කිරීමට යෝජනා කරන බවත් ජනවාරි මාසයේ දී මේ යන වැඩපිළිවෙල ගෙනගොස් මීට වඩා සහනයක් විදුලිබිල ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.







