ජනාධිපති අනුර කුමාර දිසානායක අද (6) පස්වරුවේ නීතිපති පාරින්ද රණසිංහ කැඳවා තිබේ.
නීතිපතිවරයා පස්වරු 1.45ට පමණ ජනාධිපති කාර්යාලයට පැමිණ ඇති අතර අධිකරණය අමාත්‍ය හර්ෂණ නානායක්කාර ද මේ අවස්ථාවට පැමිණ තිබේ.
පැය 2කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පස්වරු 4ට පමණ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් ඇත.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා විසින් පසුගිය 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබිණි.







