මහජන විරෝධතාවය අතරතුර කොළඹ ජනාධිපති කාර්යාලයේ තිබූ ජනාධිපති නිල කොඩිය සොරකම් කළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජුලි 09 වනදා පැවති උද්ඝෝෂණයක් අතරතුර මහජනතාව ජනාධිපති කාර්යාලයට කඩා වැදීමෙන් අනතුරුව මෙම පුද්ගලයා කොඩිය සොරකම් කර තිබිණි.
අනතුරුව ඔහු ජනාධිපතිගේ නිල කොඩිය ඉණේ බැඳගෙන එහා මෙහා යන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන ද හමුවී වූ බව පොලිසිය කිවේය.
ඉන් අනතුරුව එම පුද්ගලයා එම කොඩිය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කර ඇති අතර එය පුළුස්සා විනාශ කිරීමට ද අදහස් කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක දැක්විනි.
වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි වහාම සිදුකළ මුල්ම කටයුතු දෙකෙන් එකක් සේ ජනාධිපති නිල කොඩිය ආහෝසි කළේය.