දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අද පෙරවරුවේ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවිත රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබේ.
ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.