ජනපතිට හිමිව සිටි අලියා යළි ජනපතිටම දුන් බව වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක කීවේය.
ඒ අලියාගේ නම චරක බවත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශන්නයට පිළිතුරු දෙමිනි. මෙම අලියා වර්ෂ 2015 දී රජයට භාරදෙන ලදුව නැවත උසාවි නියෝගයක් අනුව ජනාධිපතිවරයාට ලබා දී ඇතැයි එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
“මෙම නියෝගය ලබා දී ඇත්තේ අධිකරණයෙන්… නම් කළ පුද්ගලයන්ට අලි ලබා දෙන්නැයි කිසිවිට ඉල්ලීමක් කළේ නෑ…“ ඔහු පැහැදිලි කළේය.
කෙසේ වෙතත් ‘චරක’ නම් එම හස්තියා ජනාධිපතිවරයාගේ මිරිහාන ගෙදරට ගෙන නොගිය බවත් දෙනියායේ පන්සලකට එම හස්තියා රැගෙන ගොස් ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.







