අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන දින 03ක පාගමන දෙවන දිනටත් දැවැන්ත ජනතා සහභාගීත්වයකින් ඇරඹී තිබේ.
අද (18) උදේ 09ට දෙවැනි දිනයට වාද්දූවෙන් ආරම්භ වූයේය.
එය අද මොරටුවෙන් අවසන් කරන අතර හෙට (19) මොරටුවේ සිට කොළඹ නගර සභා පිටිය දක්වා පැමිණීමට නියමිතය.
කොළඹ නගර සභා පිටියේදී විරෝධතා රැලියක්ද සූදානම් කර ඇත.
මෙම ජනතා පා ගමනට ජාතික ජන බලවේගයේ නායකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විවධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විශාල පිරිසක් එක්වී සිටිති.