- Ø අභියෝග හමුවේ මූලික වගකීම් ඉටු කිරීම පැහැර නොහැර සෞඛ්‍යයට ප්‍රමුඛතාවය දුන්නා…
- Ø පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන් තුරන් කරනවා…
- Ø කිසිම ආකාරයක මානව හිමිකම් කඩ කිරීමකට රජය අනුබල දුන්නේ නෑ
- Ø උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුට ආරාධනයක්
- Ø විදෙස් ආයෝජනවලට දේශපාලන වාසි තකා වැරදි මත ඇති කරන්න එපා…
- Ø ඉහළ ප්‍රමිතියෙන් යුත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇරඹීමට පාර්ලිමේන්තු තුළ පුළුල් සංවාදයක් ගොඩනගන්න…
- Ø ඉතිහාසයේ මුහුණ දුන් සියලු අභියෝග නිසි නායකත්වයක් යටතේ ජයගෙන තිබෙනවා…
රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ඉල්ලා සිටීයේය.
පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතු බව ද හෙතෙම අවදාරණය කළේ
9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමිනි.
පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් පිළිගනු ලැබිණ.
සාම්ප්‍රදායිකව සිදු කෙරෙන කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවය දෙමින් පාර්ලිමේන්තු නව සැසි වාරය ආරම්භ කෙරුණු අතර ආචාර පෙළපාලි, රථ වාහන හෝ අශ්වාරෝහක සංදර්ශන කිසිවක් ඊට ඇතුළත් නොවීය.
ප්‍රධාන දොරටුව අභියස දී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයා පිළිගත්හ.