ලබන මාර්තු මස 09 වැනදා පැවැත්වීමට සැලසුම් කර ඇති පළාත් පාලන මැතිවරණය සඳහා වැය වන මුදල් දිය හැකිද නැද්ද යන්න දන්වන ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
මෙම මැතිවරණය සඳහා රුපියල් බිලියන 10 ක් පමණ වැයවන බවට ඇස්තමේන්තු කර ඇති අතර එම මුදල් ප්‍රමාණය ලබා දිය හැකි ද නැද්ද යන්න කරුණු සහිතව දන්වන්නැයි, අදාළ ලිපියෙන් ඉල්ලා ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳව කාරක සභාව ඊයේ (23) රැස්වූ අවස්ථාවේදී පසුගියදා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නැති බවට අධිකරණයේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද අවධානයට ලක්ව ඇති අතර එහිදී මුදල් අමත්‍යංශ ලේකම්වරයා පවසා ඇත්තේ මුදල් වෙන් කළ නොහැකි බව නොව වෙන් කර ඇති මුදල් සොයා ගැනීමට අසීරු බව යයි එම කාරක සභාව හමුවේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළ බව ආචාර්ය හර්ෂ ද සිලවා සිය ට්ටිවර් ගිණුමෙන් පවසා තිබුණි.
මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ අද රටේ එදිනෙදා කටයුතු සියල්ලේදිම පාහේ උද්ගත වන මෙය මේ දිනවල සාමාන්‍ය තත්ත්වයක් බවයි.
මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද කැඳවනු ලැබ ඇති අතර මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර මැතිවරණ දිනය තවම ගැසට් මගින් ප්‍රකාශ නොකිරීම නිසා එම දිනයට කිසිම නීත්‍යානුකූල වලංගුභාවයක් නැතැයි මතයක් පල වී ඇත.