චීන පොහොර ප්‍රතික්ෂේප වූ ප්‍රමිතිය වෙනස් කර ශාක ආරක්ෂණ පනතත් වෙනස් කිරීමට චීන්නු නිර්දේශ එවති!

Qingdao seawin biotech group

චීන පොහොර ලංකාවට රැගෙන ඒම සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය මූලික නිර්ණායක අන්තර්ගත කර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර චීනයේ පොහොර සමාගමේ නිර්දේශය සඳහා යැවූ ලියවිල්ල චීන සංශෝධන සහතිව පසුගිය25 දා ලංකාවට ලැබී ඇති බවත්,  චීනය විසින් එම ලියැවිල්ලෙන් කාබනික පොහොර ආනයනය සඳහා ලංකාවේ නිර්දේශිත SLS 1704 ප්‍රමිතිය ඉවත් කර ඇති බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළිදරවු කරයි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද උක්ත    ලියැවිල්ල    අවශ්‍ය සංශෝධනය කර අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා චීනයේ ෂින්ඩාවෝ සී වීන් බයෝටෙක් පොහොර සමාගමට  පසුගිය 23 දා යවා තිබිණි.

චීන පොහොර සමාගම විසින් ඉවත්කිරීමට නිර්දේශ කර ඇති SLS 1704 ප්‍රමිතිය යනු අහිතකර ව්‍යාධි ජනක සහිත බව තහවුරු කරමින් චීන පොහොර තොගය ප්‍රතික්ෂේප වීමට  මූලිකම විද්‍යාත්මක පදනම ඇතිකළ  ප්‍රමිතියය.


විදේශයකින් ගෙන්වන කාබනික ද්‍රව්‍යවල කිසිම ක්ෂුද්‍රජීවියෙක් නොසිටිය යුතු බවට  දක්වමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  එම 1704 ප්‍රමිතිය නිර්දේශ කර තිබිණි. මීට දශයකයකට පමණ පෙර  එම ප්‍රමිතිය නිර්මාණය කළේ දූපතක් වූ රටක පස, ශාඛ හා සත්ත්ව ජීව පද්ධතිය ආරක්ෂා කරගැනීමේ පුලුල් විද්වත් සංවාදයකින් පසුය.

මෙම ප්‍රමිතිය නිසා රට බරපතල  උවදුරු ගණනාවකින් බේරුණු බවත් යම් හෙයකින් මේ ප්‍රමිති වෙනස් කළොත් රටට ඇතිවන්නේ භයානක තත්ත්වයක් ඇතිවන බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වත් වෘත්තිකයෝ සහේතුකව පෙන්වා දුන්හ.

චීන බලපෑම යටතේ මෙම ප්‍රමිතිය වෙනස්වීමට නියමිත බවත් මේ වනවිට ඒ සඳහා මේ වනවිට රජයේ පිරිසක් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ඊට අමතරව රටේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයින් හා පාංශු විද්‍යාඥයින් සහිත පුලුල් විද්වත් මණ්ඩලයක් විසින් වෙනස් සකස් කළ ශාඛ ආරක්ෂණ පනතේ ඇතැම් වගන්ති ද සංශෝධනය කිරීමට එම ලියැවිල්ලෙන් නිර්දේශ වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කඩිමුඩියේ කාබනික පොහොර ප්‍රමිතිය වෙනස් කරන්නෙ කා වෙනුවෙන් ද?

Exit mobile version