බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර “තග“ සහ රාජ්‍ය තාන්ත්‍රික රඟ!

by Lanka Sara Editor
ජනවාරි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

උදාර ගුණසේකර –

ශ්‍රි ලංකාව සමඟ චීනය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අර්බුදයක් දක්වා ගිය ආන්දෝලනාත්මක චින පොහොර ආනයනයට අදාළව එම ආයතනය ඉල්ලා සිටින ඩොලර් මිලියන 6.7ක මුදල හෙට දිනයේ (ජනවාරි 06) ගෙවන ලෙසට චීන පොහොර සමාගම විසින් පනවන ලද කොන්දේසිය හෙට දිනයේ ඉටු වනු ඇතැයි අදාල අංශ අපේක්ෂා කරයි. මහජන බැංකුව හරහා විවෘත කර ඇති ණයවර ලිපියට අනුව මේ මුදල ගෙවිමට නියමිත ව ඇත්තේ එම බැංකුව හරහාය. මෙම ගනුදෙනුව හුදෙක් ව්‍යාපාරික ගනුදෙනුවට එහා ගිය එකක් ව තිබේ. චීනයෙන් පොහොර එවූ ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම මෙම පොහොර තොගය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදය මත වන්දි ඉල්ලන්නේ චින විදේශ ඇමතිවරයා ශ්‍රි ලංකාවට එන දවසකට පැය විසි හතරකට මත්තෙනි. මේ පසුපස පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය එහිදී ශ්‍රි ලංකාව චිනය කෙරෙහි දක්වන ධීන භාවය ට යම් යම් හේතු තිබිය හැකිය.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යි මෙහි පැමිණෙන්නේ චිනය සහ ශ්‍රි ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් පිරීම නිමිත්තෙන් සහ චීන ශ්‍රි ලංකා රබර් සහල් ගිවිසුමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා බවට ප්‍රකාශ වුවද මේ පසුපස ඔවුන් ගෙ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල බලපෑම් සහගත ප්‍රවේශයක් අපට මෑත කාලය තුළ දකින්නට ලැබිණි. එහි කූට ප්‍රාප්තියට චිනයේ සිට පැමිණි ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් අඩංගු වීම නිසා ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර නැවය. මේ නැව හුදෙක් ව්‍යාපාර ගනුදෙනුවක් ස්වරූපය පැවතුණද ඩොලර් මිලියන 8ක් තරම් වූ මේ ගනුදෙනුව පසුපස රාජ්‍ය තාන්ත්‍රික බලපෑම්ද දැඩි සේ බ්‍රමණය වූයේය.

මේ පොහොර නැව ශ්‍රි ලංකාව ඇතුළට වද්දා නොගත්තේ එහි ව්‍යාධිජනක ක්ෂ්‍රදුජීවීන් හමුවන බවට කටුනායක ජාතික පැලෑටි නිරෝධායන සේවය විසින් වාර්තා කිරීම නිසාය.එහෙත් ඒ බව පිළිගෙන නැව ආපසු ගියේ නැත. එය බලහත්කාරයෙන්ම පාහේ ශ්‍රි ලංකා මුහුදට ඇතුළු වන්නේ විධිමත් ආනයන බලපත්‍රයක්ද නැතිවය. එසේ පැමිණි නැව දින 60කට ආසන්න කාලයක් ශ්‍රි ලංකාව ට රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් ආතුළු බලපෑම් ගණනාවක් එල්ල කරමින් කරක් ගැසුවේය. මේ නැව රට ඇතුළට නාවේ හුදෙක් කයිවාරු දේශපාලකයන්ගේ වික්‍රමයක් නිසා නොව කොන්ද කෙළින් තබාගෙන විවිද බලපෑම් මත සෘජුව ක්‍රියා කළ රාජ්‍ය නිලධාරීන් අතලොස්සක ගේ අදීන බව නිසාය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එහි එක් නිදසුනක් වන්නේ චීන තානාපතිවරයා මෙම නැව ශ්‍රි ලංකාව තුළට ඇතුළු කර ගැනීම සඳහා දරන ලද ප්‍රයත්නයයි. මෙම පෙහොර ගෙන්වීම සදහා ගිවිසම් ගත වූ පොහොර සමාගමේ ගිවිසුම්ගත වීම සම්බනධ යම් දුර්වලතා පැවති අතර ව්‍යාධි ජනක පැවතීම නිසා ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ ගොඩ බෑමට ඔවුන් බලපෑම් කළ බව තහවුරු වන්නේ පසුගියදා ධුරයෙන් ඉවත් කරන ලද කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව සිදු කරන ලද ප්‍රකාශයකි. එහිදී ඔහු සදහන් කළේ මෙම පොහොර තොගය හේතුචෙන් සහ ශ්‍රි ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට බලපෑමක් නොවන පරිද්දෙන් එම ගනුදෙනුව පිළිබඳව අර්බුදය සමතයකට පත් කිරීමට රජය කටයුතු කළ යුතු බවය. ශ්‍රි ලංකා බලධාරීන්ට මේ සම්බන්ධයෙන් ඇති බය පක්ෂපාතකම පෙන්වන එක් අවස්ථාවක් වූයේ අදාළ පොහොර නැව දින 60කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රි ලකාවේ රැදී තිබි යළි රැගෙන යාමෙන් පසු ඔවුන් මෙය සිංගප්පූරුවේ බේරුම්කරණ ආයතනයක් හරහා අදාල ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොවීම සම්බන්ධයෙන් විභාගයක් පැවත්වීමට කටයුතු කර තිබුණි. එහෙත් මේ තරම් දුර නොයවා මෙම ගනුදෙනුව එකගතාවකට පත් කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා රජයේ අදාල බලධාරීන් එකඟතා ගිවිසුමක් සකස් කළ අතර එය සංශෝධනය සඳහා චීන පොහොර සමාගමට යවා ඇත. එහිදී ඔවුන්ද කොන්දේසි කිහිපයක් ඇතුළු කර ඇති අතර එයින් ප්‍රධානතම කොන්දේසියක් වන්නේ පොහොර තොගයේ වටිනාකමින් සියයට 75ක් ගෙවීම සඳහා දැනට ආනයනකරුවා වන රජයේ කොමර්ෂල් පොහොර සමාගම විසින් මහජන බැංකුවට සහ ආදළ ආයතනයට එරෙහිව ලබාගෙන ඇති ණයවර ලිපියට අදාළ වාරණ නියෝගය ඉවත් කර ගන්නා ලෙසය. එය මේ වනවිටත් සිදුව ඇත. ඊළඟ බරපතල කොන්දේසිය වන්නේ මේ වනවිට ඩොලර් පිළිබද දැඩි අර්බුදයක සිටින ශ්‍රි ලංකාවෙන් ජනවාරි මස 06 වැනිදා වනවිට ඩොලර් මිලියන 6.7ක් ලබා දීමය.

මේ වන්දි මුදල සම්බන්ධයෙන් තවත් සැක උපදවන කරුණක් වන්නේ කාෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාගේ හදිසි ඉවත් කිරීමය. ඒ සඳහා ඔහු විසින් සාගතයක් එන බවට මාධ්‍ය හරහා කළ ප්‍රකාශය බලපෑ බවට ප්‍රකාශ වුවද අමාත්‍යංශ ලේකම් ආචාර්ය උදිත් කේ ජයසිංහ මාධ්‍ය සාකච්ඡාවකට මුහුණ දෙමින් සඳහන් කළේ මෙම ඩොලර් මිලියන 6.7 වන්දි මුදල ඩොලර් මිලියන 1.7ක් දක්වා අඩු කිරීම සඳහා දැඩි සටනක නියැළෙන අතරේදී තමන් ලේකම් ධුරයෙන් ඉවත් කළ බවට ආරංචිය ලද බවකි. ඒ පසුපසද චීනය ගැවුණු යම් බලපෑමක් තිබුණේද යන්න පිළිබඳව අදාළ පාර්ශව අතර යම් කතා බහක් ඇතිව තිබේ.

ඒ තත්ත්වය තුළ චීනය තම කලාපීය බලය තහවුරු කිරීමේ ප්‍රවේශය තුළ ශ්‍රි ලංකාව බිත්තියට හේත්තු කර ඔවුන්ගේ අවශ්‍යතා සහා ශ්‍රි ලංකාව හසුරුවා ගැනීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව අපට සිතන්නට සිදුව ඇත. මේ බව පසුගියදා චීන ජනාධිපතිවරයාට දීර්ඝ ලිපියක් ලියූ හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ ද පෙන්වා දි තිබිණ. ඔහු චීන ජනාධිපති ෂී ජින් පින්ට පැවසුවේ ශ්‍රි ලංකාව සමඟ අනාදිමත් කාලය සිට චීනය ඉතා මිත්‍රශීලී සම්බන්ධතාවක් පවත්වාගෙන ගියද එම මිත්‍රශීලී සම්බන්ධතාව තවදුරටත් අවංක සහ අව්‍යාජ එකක් බව පෙන්නුම් නොකරන බව සඳහන් කරයි. රාජපක්ෂ මන්ත්‍රිවරයා තවදුරටත් පවසන්නේ චීන ශ්‍රි ලංකා සම්බන්ධතාව මත අද ශ්‍රි ලකාවේ ජනතාවගේ ජීවිත පරදුවට තබා චිනය ලෝකයේ අංක එකේ බලවතා වීමට යන ගමනට එය අයුතු ආකාරයෙන් පාවිච්චි කරන බවයි. එපමණක් නොව මේ බලපෑම් මත ශ්‍රි ලංකාව සමඟ දිගුකාලීන මිත්‍රත්වයක සිටි ඉන්දියාව, ජපානය, කොරියාව ඔස්ට්‍රේලියාව වැනි රටවල් අමනාප කරවන තරමට එය දුරදිග ගොස් ඇති බවත් නුදුරේදීම රුසියාවද ශ්‍රි ලංකාව සමඟ අමනාප වන තැනකට එය තලලු වනු ඇති බවත් ඔහු චින ජනාධිපතිවරයා වෙත පෙන්වා දෙයි.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා චීන පොහොර නැව සම්බන්ධයෙන්ද චීන ජනාධිපතිවරයා සිහි කැඳවයි. ඔහු පවසන්නේ මේ ව්‍යාධිජනක අඩංගු පොහොර නැවක් එවා ඊට අදාල මුදල් ගෙවන සෙට බලපෑම් කිරීමත් ශ්‍රි ලකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව චීනය තුළ අසාධුගත කිරීමට කටයුතු කරන්නේ ඉතා අමානුෂිත ස්වරූපයෙන් බව ඔහු ජනාධිපතිවරයා හමුවේ පවා කියා පායි.

එසේ වුවද චීන මිත්‍රත්වයේ හැටවැනි වසර සමරන්නට සහ චීනයට අති දුෂ්කර වූ අවස්ථාවක රබර් සහල් ගිවිසුම හරහා විසල් චිනයට යෝධ ශක්තියක් වුණු මේ පුංචි දූපත් රාජ්‍යය අද පීඩාවට ලක් කරවන බලවතකුගේ ස්වරූපයට චිනය පැමිණ ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි කප්පාදුව අනිවාර්යයි… ඉටිපන්දම් ලෑස්ති කරගන්න – වෘත්තීය සමිති අනතුරු අඟවයි!

Next Post

මහින්දානන්දටත් මොළ හතයි…. ආහාර හිඟවුනොත් සිංගප්පූරුව කරන සේ රටින් ගෙන්වන බව කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.