චීනය විසින් විවිධ සමාජ මාධ්‍ය යොදාගෙන සිදුකරනු ලබන තායිවාන විරෝධී ව්‍යාජ පුවත් මෙහෙයුමක් පිළිබද තොරතුරැ හෙළිකර ගැනීමට සමත්වූ බව තායිවානයේ විශේෂ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
තම රජය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය යටපත් කිරීමට, සමාජය අස්ථාවර කිරීමට සහ මැතිවරණවලට මැදිහත් වීමට චීනය මෙම ව්‍යාජ පුවත් මෙහෙයුම දියත් කර ඇති බවට තායිවානය චෝදනා කරයි.
පසුගිය වසරේ මැද භාගයේ සිට තායිවාන විශේෂ විමර්ශන කාර්යංශය මගින් එවැනි සිදුවීම් 2,773ක් විමර්ශනය කර ඇති අතර එහිදී මීට සම්බන්ධ. ව්‍යාජ ගිණුම් 400 කට වැඩි ප්‍රමාණයක් පිළිබද අනාවරණය කරගෙන තිබේ.
මීට සම්බන්ධ සැකකරුවන් ලෙස පුද්ගලයින් 234 දෙනෙකු ලැයිස්තුගත කර ඇති තායිවාන විමර්ශන කාර්යංශය , ඉන් 174 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද මුලපුරා ඇතැයි එරට වාර්තා සදහන් කරයි..