පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප් කමිටුවේ) හිටපු සභාපතිවරයා වන මහාචාර්ය චරිත හේරත්ට එම කමිටුවට පත්වීම සඳහා ඉඩ ලබා දීම සඳහා තමන් එම කමිටුවෙන් ඉල්ලා අස්වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
තමන්ට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කාර්යබහුල තත්ත්වයක් පවතින බවත් එයින් හොඳ පරිවර්තනයක් සිදු කිරීමට සහ පාර්ලිමේතුවේ අයවැය කාර්යාලයක් ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා සිල්වා සිය ට්විටර් ගිණුම හරහා නිවේදනය කරයි.