බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චරිත් දිල්ශාන්ගේ මරණය… පශ්චාත් මරණ පරීක්ෂණ කර තීන්දු ලබා දුන් සමාජ මාධ්‍ය ඔස්තාර්ලා වෙතයි!

by editor
මැයි 2, 2025
in පුවත්
charith
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

චරිත් දිල්ශාන්ගේ මරණය රට දැඩි ලෙස කම්පනයට පත් කර තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් වූ චරිත් ගේ මරණය මේ වනවිට සමාජ සංවාදයකට ලක් වෙමින් ඇත්තේ කිලිටි දේශපාලනයේ අඩු වැඩි අවශ්‍යතා ද සමග බව පෙනී ගොස් ඇත.

චරිත් සරසවියේ දෙවැනි වසරේ සිසුවෙකි. විශ්වවිද්‍යාලයක සංස්කෘතිය සම්බන්ධව පුංචි හෝ අවබෝධයක් ඇති පුද්ගලයෙක් දෙවැනි වසරේ සිසුවෙකුට ක්‍රියාත්මකවන නවක වදයක් ගැන අසා නැති බව විශ්වාසය. නවක වදය සරසවි ප්‍රවේශයට නවක වූ නවක සිසුන් සඳහා සරසවියේ දෙවැනි වසරේ සිසුන් විසින් මුල් මාස තුනක කාලයක් තුළ මුදාහරින පසුගාමී සහ ජඩ ම්ලේච්ඡත්වයකි.

එසේනම් දෙවැනි වසරේ චරිත් දිල්ශාන්ට මුදා හැර ඇත්තේ නවක වදය නොවේ. ඔහු මේ වදය හේතුවෙන් මිය ගියා නම් ඔහු ලක්වන්නේ සංවිධානාත්මක සරසවි පාතාල වධයකටද?. රටට රහසින් එවැනි වධයක් සබරගමුව සරසවිය තුළ ක්‍රියාත්මක වී තිබේ ද?. එය ක්‍රියාත්මක වන්නේ සරසවි පරිපාලනය නොදැන ද?. එසේ නැතිනම් මේ පාතාල පැවැත්මට සරසවි පරිපාලනය උපකාර කරන්නේ ද?. එසේත් නොමැති නම් ඉතාම සංවේදී සිද්ධි මුල් කරගෙන යම් බිහිසුණු චිත්‍රයක් සරසවි පද්ධතිය පිළිබඳ නිර්මාණය කරන ජඩ ප්‍රයත්නයක් අපටත් නොදැනී ක්‍රියාත්මක වෙනවා ද?.

මරණය සම්බන්ධව අන්තරේ කියන කතාව

මේ සංවාදය මතුවන්නේ මෙවැනි පරිසරයක් තුළය. මේ වනවිට වගකිව යුතු සෑම පාර්ශවයක්ම මරණය සම්බන්ධව ඍජු ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටින්නේ න්‍යාය පත්‍රයකින් තොර විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවය.

පොදු අවබෝධය අනුව නවක වදය සම්බන්ධව සමාජය තුළ චෝදනා ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මරණයට හේතුව නවකවධ සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍රවලින් තොරවූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කරයි. අදාළ විමර්ශන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් යම් ආකාරයක නවක වද සිද්ධියක් මේ මරණයට පදනම් වූයේ නම් වරදකරුවන් විෂයෙහි උපරිම ඳඩුවම් පමුණුවන ලෙසත් අන්තරේ ඉල්ලීමක් කරයි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරන්නේ විශ්වවිද්‍යාල තුළ තව දුරටත් ශේෂව පවතින පසුගාමී සංස්කෘතික ලක්ෂණ පරාජයට පත් කිරීමට ශිෂ්‍ය සංගම් ලෙස තමන්ද දැඩි උත්සාහයක යෙදී සිටින්නේ මෙවැනි පසුගාමී හැසිරීම්වලින් පරාජයන් විනා ශිෂ්‍ය ව්‍යාපාරයට දිනා දුන් යමක් නැති බව පෙන්වා දෙමිනි. එම නිවේදනය මෙසේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාවරය

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අවධාරණය කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව දන්වා ඇත.

මෙම මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා තුන් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් මේ වනවිට පත්කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා දන්වයි. එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇති බව ලේකම්වරයා අවධාරණය කරයි.

අදාල නිවේදන පහත දැක්වේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකුගේ හදිසි මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වනවිට පත්කර ඇති අතර, එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇත.

මෙම හදිසි මරණය නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස විවිධ සමාජ මාධ්‍යන් හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද මෙම අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර, එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත්, ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට මෙම අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

එසේම මෙම සිදුවීමට සම්බන්ධ අයවලුන් ලෙස දක්වමින් විවිධ පුද්ගලයන් ගේ පෞද්ගලික තොරතුරු හුවා දක්වමින් සංසරණය වන සමාජ මාධ්‍ය තොරතුරු සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන අතර, දැනට සිදුකරන පොලිස් පරීක්ෂණ හා අනෙකුත් අභ්‍යන්තර පරීක්ෂණ මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි තොරතුරු හෙලිකර ගන්නා තුරු විවිධ පුද්ගලයන් ගේ පෞද්ගලිකත්වය ට හානි වන මෙවැනි තොරතුරු සංසරණය කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මෙම හදිසි මරණය සම්බන්ධයෙන් මියගිය ශිෂ්‍යායාගේ පවුලේ සාමාජිකයන් වෙත සාතිශය සංවේගය පලකරනු ලැබේ.

මරණයට නවක වධ ක්‍රියාවලියක් හේතුවූ බවට නැගෙන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ කියා තිබිණි. මෙම සිදුවීමත් සමග සිය සම්මේලනය බලවත් කම්පනයකට පත්ව සිටින ආකාරය ඔහු පවසයි.

පොලිසියේ විමර්ශන

පොලිසිය ද නිවේදනය කරන්නේ මේ වනවිට සිද්ධිය සම්බන්ධව පොලිසිය පාර්ශවයෙන් ඍජු පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය. විමර්ශනය ක්‍රියාත්මක වන්නේ චරිත්ගේ සිය දිවි නසා ගැනීමට හේතුව ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළවැව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් මතය.

චරිත්ගේ සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීම ද යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හදුනාගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව ඊවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේය. .

නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර තිබිණි.

චරිත් ඉතිරි කර ගිය ප්‍රශ්නය

දැන් අප ඉදිරියේ බුද්ධියෙන් විමසිය යුතු කරුණු ගණනාවක් තිබේ. මුලින්ම චරිත් දිල්ශාන් විසින් අවසන් වරට ලියන ලද යැයි තහවුරු කරගත් ඔහුගේ අත් අකුරින් ලියූ ලිපියයි. එම ලිපිය මේ ආකාරයෙන් පල කරන්නේ මතුවි ඇති සංකීර්ණයේ යථාව අවබෝධ කරගැනීම සඳහාය.

චරිත් දෙවැනි වසරේ සිසුවෙකි. ඔහු අවසන් වරට ලියා තැබූ ලියුමේ තමන් පෙලූ විශාද තත්ත්වය ගැනත් ඒ ඛේදනීය තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා තමන් පොරබැදූ ආකායත් සම්බන්ධව සංවේදී සටහනක් විනා තමන් පත් කළ වධයක් සම්බන්ධයෙන් සටහනක් කර නැත.

දෙවැනි වසර ආරම්භවන පසුගිය දෙසැම්බර් 13 දා සිට මැයි 17 දක්වා කාලය තුළ දෙවැනි වසරේ සිසුන් සරසවියට කැඳවා නොතිබිණි. ඔවුන් එම කාලය තුළ අධ්‍යාපනය ලබා තිබුණේ මාර්ගගත ක්‍රමය ඔස්සේය. එනම් දෙසැම්බර් සිට අප්‍රේල් අවසානය දක්වා කාලය තුළ ඔහු රැඳී සිටියේ තමන්ගේ දෙමව්පියන් සහ පවුලේ අය සමගය. ඔහුට බරපතල මානසික පීඩාවක් ඇති වූ බව කියන පසුගිය මාස කීපයම ඒ අනුව ඔහු සිටියේ නිවසේය.  සරසවි ප්‍රජාව සමග ගැටී නැත. දැන් මූලික ප්‍රශ්නය වන්නේ සිය දරුවා යම් මානසික අවුලක සිටියා නම් ඔහු පෙළෙන මානසික ව්‍යාකූලතාවය සම්බන්ධව මේ අම්මාට තාත්තාට හෝ පවුලේ සමීපතමයෙකුට අවබෝධයක් නොතිබුණේ ද යන්නය. ඔහු මේ සම්බන්ධව සිය අම්මා තාත්තා සමග හෝ කතා නොකර තිබුනේ ද යන්නය. ඒ ගැටලුව එතැන ඉතිරිව ඇත. චරිත් මැරෙන්නේ තමන්ට දරාගත නොහැකිව පවතින විශාද තත්ත්වයක් ගැන ලියුමක් ලියා තබමිනි. ඒ වගේම දෙමව්පියන් මේ වනවිට ප්‍රකාශ කරන ආකාරයේ වධයක් සම්බන්ධව ඔවුන් කිසිම අවස්ථාවක සරසවි පරිපාලනය හෝ වගකිව යුතු පාර්ශවයක් වෙත දැනුම් දී නැත.

තවත් වැදගත් කාරණාවක් සරසවි පරිපාලනය පැත්තෙන් ඉදිරිපත් වී තිබේ. එනම් චරිත් පළමු වසර පුරාම සරසවි නේවාසිකාගාරය තුළ රැඳෙමින් සිය අධ්‍යයනය කටයුතුවල නිරතවී සිටි බවය. ඒ වකවානුව තුළ ඔහුට එල්ලවුන නවක වදයක් සම්බන්ධව ඔහුගෙන් කිසිම පැමිණිල්ලක් ඉදිරිපත්වී නොතිබීමය.

සබරගමුව සරසවියේ අවුරුදු උත්සවය පවත්වන්නේ අප්‍රේල් මස 27 වැනි දිනය. එදින රාත්‍රියේ ඔහු ශිෂ්‍ය නේවාසිකාගාරයක නවතින්නේය. ඔහුත් සමග තවත් දෙවැනි වසරේ ශිෂ්‍යයින් කීප දෙනෙක් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී ඇති බව දැන් හෙළි වන්නේය. නීත්‍යානුකූලව මැයි 17 වන තුරු දෙවැනි වසරේ සිසුන්ට නේවාසිකාගාර පහසුකම් හිමි නැති වටපිටාවක චරිත් ස්වේච්ඡාවෙන් සිය වැඩිහිටි සොයුරන්ගේ නේවාසිකාගාරයක නවතින්නේය. සරසවිය තුළ බිහිසුණු නවක වදයක් පවතින්නේ නම් එය දැනගෙනම චරිත් නේවාසිකාගාරයේ නැවතීම සම්බන්ධව තවත් ගැටලුවක් ලෙස ශේෂ වී ඇත.

චරිත් මිය යන්නේ නොවිසඳුන ගැටලු ගණනක් අපි අභිමුව තමබමිනි. විශේෂයනෙම ඡන්ද උනුසුමක් පවතින අවස්ථාවක ඔහුගේ මරණය විකල් ලෙස භාවිතා කරන මුග්ධ ප්‍රවේශයන් ද පෙනෙමින් තිබේ. රටේ සරසවි පද්ධතිය සම්බන්ධව බිහිසුණු සිතුවමක් අඳමින් සිටින පුද්ගලික අධ්‍යාපන ව්‍යාපාරිකයින් ද මේ අතර සිටිත්දැයි අපට වැටහීමක් නැත.

අප ඉන්නේ රටක පසුගාමීත්වය සම්බන්ධව කම්පනයකින් යුතුව කියැවෙන ඛේදනීය මරණයක් අසලය.  කෙසේ වෙතත් මේ වනවිට සමාජ මාධ්‍ය ගොබ්බයන් මේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තීන්දුවත් ලබා දී අවසානය. අප ඉවසීමෙන් බලාගෙන ඉන්නේ ක්‍රියාත්මකවන විමර්ශනවල අවසන් ප්‍රතිඵලය දෙසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහින්දගේ විජයරාම නිල නිවසේ අලුත්වැඩියාට යෙදවූ කෝටි 120කින් කෝටි 56ක් ගහගෙන… විගණනය කියන කතාවක්!

Next Post

දේශබන්දුට පාතාල තර්ජන තියන බවට බුද්ධි වාර්තා නෑ…. පොලිසිය කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.