පිළියන්දල වෑවල කේම්බ්‍රිජ් කෝට් හි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පදිංචි වී සිටින නිවසට අද අලුයම පැමිණි සිව් දෙනෙකුගෙන් යුතු නාඳුනන කණ්ඩායමක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
සුදු වෑන් රියකින් පැමිණි මෙම පිරිස නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා ප්‍රධාන දොරටුව බලහත්කාරයෙන් විවෘත කරගෙන ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විමර්ශන අංශ කියයි.
මේ සිද්ධිය පොලිසියට දැනුම් දුන් පසු සිද්ධිය සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇති බව චමුදිත සමරවික්‍රම පවසයි.
දේශපාලකයන් සහ තමන් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වන්නන් ඍජුව ප්‍රශ්න කරන චමුදිත මෑත වකවානුවේ ඉදිරිපත් කළ ටෘත් විත් චමුදිත වැඩසටහන් කීපයක් රටේ පිරිසක් අරත දැඩි ආන්දෝලනයට ලක් වී තිබිණි.







