චන්දිමාල් සාද දැමූ ෂැංග්‍රිලා හෝටලය නූලෙන් බේරෙයි !

shangrila

රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා තම උපන් දින සැමරුම සහා යොදා ගත් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අදාළ බලධාරීන් අත්අඩංගුවට ගෙන හෝටලයට සීල් තැබීමට පියවර ගැනීමට සියලු කටයුතු සූදානම් වන මොහොතේදී මෙම සිදුවීමට අදාළ විමර්ශණ කොටුව පොලිසියෙන් ඉවත් කොට කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී තිබේ. මේ හේතුවෙන් ෂැංග්‍රිලා හෝටලය සම්බන්ධයෙන් ගන්නට ගිය පියවර නූලෙන් වැළකුණු බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.

නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් සාමාන්‍ය පොලිසියකට අදදාළ පියවර ගත හැකි පසුබිමක මෙම විමර්ශණ කොළඹ අපරාධ කොටඨාසයට ලබා දීමේ අරමුණ ෂැංග්‍රිලා හෝටලයට එරෙහිව පියවර ගැනීම හෝ මේ සම්බන්ධ ඉදිරි විමර්ෂණ කටයුතු ආඩාල කරවීමේ අදහසින්ද යන්න පිළිබඳව යම් සැකයක් මේ වනවිට පොලිස් නිලධාරීන් අතර මතුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය.

මෙම සාදය පවත්වන දිනය සහ ස්ථානය සහ ඊට යන එන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන් කිහිප දෙනකු දැන සිටි බවට වාර්තා වන ඒ සඳහා අමුත්තන් බාධාවකින් තොරව පැමිණ ඇත්තේ මේ හේතුවෙන් යයිද මෙම ආරංචි මාර්ග සැක පහළ කරයි. එසේම මෙම සාදය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල කල් ඇතිව විවිධ ප්‍රචාර යද්දී ඊට එරෙහිව ක්‍රියාත්මක විමට පොලිසිය ප්‍රමාද වූයේද එම නිසා බව සඳහන් වේ. කෙසේ වුවද අවසානයේ මෙම සාදය සම්බන්ධයෙන් දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා එල්ල වූ විවේචන හමුවේ පොලිසියට මේ සම්බන්ධයෙන් පියවර ගැනිමට සිදුවිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාදයට සහභාගී වු බව පැවසෙන 20කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව නිරෝයනයට යොමු කොට තිබේ.

Exit mobile version