ගෝල්ෆේස් ගෝඨාගෝගම අරගල භූමියට පැමිණෙන ජනතාව වෙනුවෙන් සත්කාරක සේවාවන් රැසක් සපයන ආයතන ගණනාවක් වේ. අරගලය ආරම්භක අවස්ථාවේ දීම එහි කාර්යාලයක් ස්ථාපිත කළ ආයතන කීපය අතුරුන් “සස්ටේයින්කෝ SUSTAINECO” ආයතනය ප්‍රමුඛය.
SUSTAINECO ආයතනය රට පුරා සමාජ සත්කාරක සේවාවන්වල නියැළි සිටින ආයතනයකි. දිනපතා අරගල භූමියට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් සිසිල් පැන්, ජල බෝතල්, කෙටි කෑම වර්ග මෙන්ම අරගල භූමියේ රැඳී සිටින අය වෙනුවෙන් සබන්, රින්සෝ, දත් බෙහෙත්, දත් බුරුසු, මාස්ක් ආදිය ලබාදීමේ සත්කාරය ප්‍රධාන වශයෙන්ම සිදුකරන්නේ SUSTAINECO ආයතනය මගිනි.
මෙහි දැක්වෙන්නේ ඔවුන් සිය සත්කාරක සේවාවන් අරඹා දියත් කර ඇති ආකාරයය.