ශ්‍රී ලංකා නීති ක්ෂේත්රයේ මෙන් ම සමාජ, දේශපාලන ධාරවේ ප්රමුඛ නියෝජනයක් වෙමින් අමතක නොවන සමාජ මෙහෙවරක් කළ ජ්‍යේෂ්ඨ නීතිඥ ගෝමින් දයා ශ්‍රී දිවි සැරියෙන් සමුගත්තේය.
කලක් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව සිටි ඔහු ඊයේ පස්වරුවේ දිවියෙන් සමුගන්නා විට 76 වැනි වියෙහි පසුවූයේය. දේශ ප්‍රේමී ජනතා දේශපාලනයෙහි ගෞරවණීය චරියක් වූ හෙතෙම උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන ලද නඩුවේ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා වූයේය.
මේ විශිෂ්ට මිනිසාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.