ගමේ යන්න ගිය ගෝඨා  ආපසු එයි!

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත යාමේ බලාපොරොත්තුවෙන් පසුගියදා මෙරටින් ඩුබායි රාජ්‍යය බලා ගිය හිටපු ජනාධිපකි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම මීට සුළු වේලාකට පෙර යලි මෙරටට පැමිණියහ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 605 ගුවන් යානයෙන් පැමිණි හිටපු ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පිටතට ගිය බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග කිවේය.

ගෝඨාභය රාජපක්ෂ   සමඟ අයෝමා රාජපක්ෂ   , පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සහ තවත් පුද්ගලයකු පැමිණ ඇති බවට වාර්තා වන අතර ඔහු සමඟ ගිය ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන මනෝජ් රාජපක්ෂ , ඔහුගේ බිරිඳ සහ දරුවා පැමිණ නැත.

පසුගිය දෙසැම්බර් 25 වැනිදා ඩුබායි බලා ගිය ගෝඨාභය රාජපක්ෂ   එහිදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත යාම සඳහා යළිත් වරක් වීසා ඉල්ලීමක් සිදු කළ බවට වාර්තා වන අතර ඔහුට එම වීසා ලබා දීම ප්‍රමාද වන තත්ත්වයක් පිළිබඳව වාර්තා විය.


ඩුබායි හි සයිෆ් බෙල්හේසාගේ සත්තව උද්‍යානයේ දී

ඔහු ඩුබායි බලා යන ගමනේදී තමන්ට ලබා ගත හැකි රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද ඩුබායි රාජ්‍යයෙන් ලබා ගැනීමට උත්සාහ දරා ඇති බවත් එහිදී ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ ආලින්දය මුදල් ගෙවීමකින් තොරව භාවිත කිරීමට ඔහු කළ ඉල්ලීම ඩුබායි බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩුබායි හි හෝටලයක නැවතී විවේක සුවයෙන් පසුවූ හිටපු ජනාධිබතිවරයා යළි අද මෙලෙස ශ්‍රි ලංකාවට පැමිණ තිබේ.

Exit mobile version