ගෝඨාගෝගම ගැන හොයන්න අගමැතිගෙන් කමිටුවක්! ප්‍රධානියා රුවන් විජේවර්ධන

Ranil Wickramasiinghe

ගාලු මුවදොර ගෝඨාගෝගමේ කටයුතු සොයා බැලීමට හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධනගෙන් ප්‍රමුඛ කමිටුවක් පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද පස්වරුවේ මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ගෝඨාගෝගම ආරක්ෂා කිරීමට තමන් පියවර ගන්නා බවත් එහි පූර්ණ පාලනය එහි සිටින තරුණ ප්‍රජාවට භාරදෙන බවද හෙතෙම පැවසීය.මෙහිදී ගෝඨාගෝගමේ කටයුතුව අවශ්‍ය සහය ලබාදෙන ලෙස කොළඹ නගරාධිපතිනියටද දැනුම් දුන් බවද ඔහු එහිදී සඳහන් කළේය. අගමැතිවරයාට අනුව මෙම කමිටුවට නාගරික සංවර්ධන අධිකාරියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පොලිසියේ සහ යුද හමුදාවේ සාමාජිකයකුද ඇතුලත්‍ වේ.

අග්‍රාමාත්‍යවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ දැක්වෙයි


මිත්‍ර රටවල් ගණනාවක තානාපතිවරුන් හා අනිත් නියෝජිතයින් සමඟ මම ඊයෙත් අදත් සාකච්ඡා කළා. එහි ප්‍රතිචාර හොඳයි. ඒත් අපිට සිදුවෙනවා ඒ රටවල් වලට අපිට අද තියෙන තත්ත්වය දැනුම් දීලා මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරලා අදාල ගිවිසුම් වලට ඇතුළු වෙන්න.

ඉන්දියාව වගේ රටවල් එක්ක ඒවගේ වැඩකටයුතු දැනටමත් ආරම්භ කරලයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ වැඩකටයුතු අවසන් කරන්න මාස දෙකක් තුනක් යයි. ඊට පස්සේ මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන අනාගතය සුබ අතට හැරෙන්න ඉඩ තියෙනවා.
ඉතින් විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟත් ඒ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒත් ඒවගේම අපි දැන් යන විදිහට ඊළඟ සති කිහිපයේදී තමයි අපිට අමාරුකම් වලට මුහුණ දෙන්න තියෙන්නේ.

ඊයෙත් අදත් විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය, අපේ ඉන්ධන තත්ත්වය, පෙහොර තත්ත්වය හැම එකක් ගැනම සමාලෝඡනය කළා. ඒ සමාලොඡන වලදී පෙනෙන්නේ අපට සූදානමක් නොතිබුණු නිසා අපිට යම්කිසි හිඟයකට ප්‍රශ්නය වලට මුහුණ දී තිබෙනවා කියලයි.
ඉතින් අපි ඇත්ත වශයෙන්ම ඊළඟ සති කිහිපය තුළදි තමයි අපිට අමාරුම කාලය එන්නේ.

ඒ ගැන මම හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් මට විශ්වාසය තියෙනවා අපිට මේ ගමන එකට ගිහින් මේ ආර්ථික හානියෙන් අපිට ගොඩ එන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මේ රටේ ඇතිවෙලා තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා තරුණ හඬක් ඇතිවෙලා තියෙනවා.

ඒ තරුණ හඬ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ අපිට වෙනසක් ඕනේ කියලයි. ඉදිරියට යන්න ඕනේ කියලයි. මේ තරුණ හඩේ සංකේතය තමයි ගෝඨාගෝගම. අන්න ඒ ප්‍රදේශය ගැනත් මම පියවර කිහිපයක් අරගෙන තියෙනවා.

මම ප්‍රකාශ කරලා තියෙන්නේ අපි ගෝඨාගෝගම ඉවත් කරන්නේ නැහැ කියලයි. ඒක අපි ආරක්ෂා කරනවා. ඒ නිසයි ඒ වැඩකටයුතු ඉදිරියට ගෙනියන්න මම රුවන් විජේවර්ධන හිටපු අමැතිතුමා පත්කළා, නගර සභාවේ උදව් සඳහා නගරාධිපතිතුමියත් ඒ සමඟම මේ භූමිය අයිති නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙකුත්, සෞඛ්‍ය අමාත්‍යශයේ නියෝජිතයෙකුත් සාමය අරක්ෂා කිරීමට පොලිසියේ නියෝජිතයෙකුත් හමුදාවේ නියොජිතයෙකුගෙනුත් සමන්විත කොමිටියක් පත්කරලා තියෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සියලු දෙනා එක්කම සාකච්ඡා කරලා වුවමනා පියවර ගන්නත් ඒ ප්‍රදේශය ආරක්ෂා කරන්නත්. ඒ වගේම වුවමනා මූලික සේවා සපයලා දෙන්නත් පියවර ගන්නවා.ගෝඨාගෝගම පාලනය කරන්න ඕනේ එතන ඉන්න කණ්ඩායම මිසක් ආණ්ඩුව නෙමෙයි. අපිට තියෙන්න ඒකට සහය දෙන්න. ඒ එක්කම අපි තව කණ්ඩායමක් පත්කරලා තියෙනවා ගෝඨාගෝගමේ යෝජනා ඉදිරිපත් කරන්නත් තරුණ හඬ කොහොමද ආණ්ඩුවට එකතු කරගන්නේ කියලත් සොයා බලන්න. ඒ වගේම ඒ අයගේ යොජනා අටක් එවලා තියෙනවා.
මම ඒවා ගැනත් සාකච්ඡා කරන්න කැමතී. ඒ වගේම ඊට අදාලව අපි වෙනම වෙබ් අඩවියක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඔබ ගෙනියන උද්ඝෝෂණයට කවුරුවත් හානි කරන්නේ නැහැ.

Exit mobile version