ගෝඨාගෝගම සාමකාමීව සිටින කිසිම උද්ඝෝෂකයෙකුට ප්‍රශ්නයක් ඇති නොවන බව හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
“සාමකාමීව දැනට ගෝටාගම සිටින උද්ඝෝෂකයින් කුමන අවස්ථාවකදී හෝ ඉන්න තැනින් ඉවත් කළේ නෑ. සාමකාමීව එතැන සිටින පුද්ගලයින් වෙනුවෙන් කිසිම ප්‍රශ්නයක් අපි ඇති කරලා නෑ.“
“එහෙම ඇතිකරන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ නිසා සාමකාමීව ඉන්නකම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.“
“සාමකාමී තත්ත්වයෙන් ප්රචන්ඩත්වයට වැටුනොත් පමණකයි ප්‍රශ්නයක් ඇති වෙන්නෙ.“
හමුදාපතිවරයා කීවේය.